මොකද අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් හෙට (13) අලුයම් කාලය වෙනකම් උතුරු අහසේ හරිම ලස්සන, දුර්ලභ උල්කාපාත වර්ෂාවක් දැකබලා ගන්න පුළුවන් වෙනවා.
අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසන්නේ, මේ මනස්කාන්ත උල්කාපාත වර්ෂාව ශ්‍රී ලංකාවට වඩාත්ම පැහැදිලිව දැකබලා ගන්න පුළුවන් වෙන්නේ හෙට අලුයම 4.00 ත් 5.00 ත් අතර කාලයේදී බවයි.
ඉතින් රෑ අහසේ සිදුවන මේ අපූරු අහස් සංදර්ශනය නැරඹීමට කැමති අයට හෙට පාන්දර 4ට විතර උතුරු අහස දෙස බලලා මේ සුන්දර අත්දැකීම විඳගන්න පුළුවන්..