මෙවර පෙරහැර මංගල්‍යයේ සියලුම සංවිධාන, සම්බන්ධීකරණ හා ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහිදීයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේ.
ඒ අනුව හෙට දිනයේ සිදුවන මෙම සුබ කප් සිටුවීමේ චාරිත්‍රයත් සමඟින් මෙවර අතිඋත්කර්ෂවත් ඇසළ පෙරහැර මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් වනවා..