ඒ, රාජගිරිය ශ්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරියෙකු අවාසනාවන්ත ලෙස වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක්.
විහාරස්ථාන පරිශ්‍රය තුළ ආරක්ෂක කටයුතුවල යෙදී සිටියදී මෙම සිදුවීම සිදු වී ඇති බවයි වාර්තා වන්නේ...පොලිසිය සැක පළ කරන්නේ අදාළ නිලධාරියා සිය රාජකාරි ගිනි අවියෙන්ම තමන්ටම වෙඩි තබාගෙන සියදිවි හානිකර ගන්නට ඇති බවයි.
කෙසේ වෙතත්, මෙවැනි තීරණයක් ගැනීමට ඔහුට බලපෑ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය පිටුපස ඇති සැබෑ තොරතුරු අනාවරණය කරගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ මේ වන විටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.