අනතුර සිදුවූ වහාම නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කළ ක්ෂණික මෙහෙයුම් මඟින් ඒ අතරින් 11 දෙනෙකුම මුදාගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.
එලෙස මුදාගත් පිරිස අතුරින් 08 දෙනෙකුම වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස අදාළ යාත්‍රාවේ සිටි එක් අයෙකු තවමත් අතුරුදන්ව ඇති අතර, ඔහුව සෙවීමේ සහ මුදාගැනීමේ විශේෂ මෙහෙයුම් නාවික හා ගුවන් හමුදා එක්ව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා.