පරම්පරා ගණනාවකගේ හදවත් සිය සුමධුර ගී හඬින් සුවපත් කළ ඒ මහා ගාන්ධර්වවරියගේ නික්ම යාම වෙනුවෙන් සමස්ත කලා ක්ෂේත්‍රයේම ප්‍රවීණ මෙන්ම නව පරපුරේ කලාකරුවන් රැසක් සිය ශෝකය පළ කරමින් සිටිනවා.
ඇයගේ මේ අනපේක්ෂිත වියෝව වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක සිය මුහුණු පොතට ඉතාමත් සංවේදී සටහනක් එක් කර තිබුණා. තමන් සහ සිය ආදරණීය බිරිඳ වන ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස්, ආචාර්ය නන්දා මාලිනිය සමඟ එකට ගත් සුන්දර මතකයක් සිහිපත් කෙරෙන ඡායාරූපයක් ද ඔහු මෙම සටහන සමඟ බෙදාගෙන තිබුණා.
ගයාන් වික්‍රමතිලක සිය මුහුණු පොතේ සංවේදීව සටහන් කර තිබුණේ මෙවැන්නක්...
"සදානන්ද කරවු ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ........
උතුම් වූ නිවන් සුව ලෑබේවා..."