ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ අලුත්ම දත්තවලට අනුව, මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වසරේ මේ දක්වා කාලය තුළ පමණක් රට පුරා හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,115ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
එමෙන්ම, අගෝස්තු මාසයේ ගත වූ දින 20ක කෙටි කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,777ක් අලුතින් වාර්තා වී තිබීමෙන් තත්ත්වයේ බරපතළකම මනාව පැහැදිලි වනවා. දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී තවදුරටත් වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 19,825ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැඩි අවධානය යොමු කරමින්, උණ රෝගී ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටින්නේ.