මේ හේතුවෙන් ප්‍රදේශයේ වන සතුන් මෙන්ම ගම්වැසියන් ඇති දැඩි කරන සතුන්ද දැඩි ජල හිඟයකට මුහුණ දී සිටින්නේ දැඩි අසරණ තත්ත්වයකට පත්වෙමින්.
පිපාසයෙන් පීඩා විඳින මේ අහිංසක සතුන්ගේ දුක දුටු තරුණයන් පිරිසක් අපූරු සමාජ සත්කාරයකට මුලපුරා තිබෙනවා. බැකෝ යන්ත්‍ර ආධාරයෙන් කෘත්‍රිම පොකුණු සහ තටාක සකස් කර, ඒවාට ජලය පුරවා සතුන්ගේ පිපාසය නිවීමට ඔවුන් පියවර ගෙන ඇත්තේ සැබෑම මනුස්සකම ප්‍රදර්ශනය කරමින්.
කිසියම් සතෙකු ජලයට වැටුණහොත් ආරක්ෂිතව ගොඩ ඒමට හැකි වන පරිදි බෑවුමක් සහිතව මෙම ජල තටාක සකසා තිබීම විශේෂත්වයක්.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් එක්කරමින් ඔවුන් මෙසේ පවසා තිබුණා....
"මේ වන විට හඳපානාගල ප්‍රදේශයේ වතුර හිඳිලා ගිහින්. ඉතිං සත්තුන්ට බොන්නවත් වතුර නැති නිසා අපි කෘත්‍රිම පොකුණු හදලා ඒවට වතුර පිරෙව්වා. බලන්න මේ සත්තු වතුර බොන්න දුවගෙන එන විදිහ, කොච්චර තිබහින් ඉන්න ඇතිද... මේවා හැදුවේ සතෙක් වතුරට වැටුණත් බේරිලා එන්න පුළුවන් විදිහට . මේ ඉන්න හරක් ඔක්කොම මස් කඩේට ගෙනියද්දි ජීවිත බේරගෙන ගමේ අයට බලාගන්න බෙදලා දුන්න අය. මෙයාලා විතරක් නෙවෙයි වන සත්තුත් මේ තටාක වලින් පිපාසය නිවා ගන්නවා. මේකට උදව් කරපු හැමෝටම ගොඩක් පිං..."
ජලය පුරවා අවසන් වනවාත් සමඟම හරකුන් ඇතුළු සතුන් දැඩි පිපාසයෙන් යුතුව දිවවිත් ජලය පානය කරන ආකාරය දැක්වෙන මෙම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය වී ඇති අතර, ඒ සඳහා බොහෝ දෙනෙකුගේ නොමඳ ප්‍රශංසාව සහ ආශිර්වාදය හිමිවෙමින් පවතිනවා.