පාරිභෝගික මිල දර්ශකය සහ මාසික දත්තවලට අනුව, පසුගිය ජූලි මාසය තුළ මෙරට සමස්ත උද්ධමන අනුපාතය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවයි එම නිල වාර්තාවල දැක්වෙන්නේ.
නිකුත් වූ අලුත්ම දත්ත සාරාංශයට අනුව සමස්ත උද්ධමනය ජූනි මාසයේ පැවති 6.5% ක අගයේ සිට ජූලි මාසය වන විට 7.2% දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා...
ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ 3.3% ක්ව පැවති අගය, ජූලි මාසයේදී 4.9% දක්වා ඉතා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ පැවති 9.3% සිට ජූලි මාසයේදී 9.2% දක්වා සුළු පහත වැටීමක් පෙන්නුම් කරනවා...
විශේෂයෙන්ම එදිනෙදා කෑම බීම මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ආහාර උද්ධමනය මෙලෙස ඉහළ ගිහිලා තියෙනවා කියලා තමයි සදහන් වන්නේ...