මේ දෙන්නාගේ ආදර කතාව ගැන වගේම ඔවුන් කොච්චර ගැළපෙනවද කියන එක ගැන නම් ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්.
නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ රසිකයින් එක්ක තමන්ගේ විස්තර බෙදාගන්න මේ දෙන්නා, පහුගිය දවසක ෆේස්බුක් ගිණුමට හරිම ලස්සන, ඒ වගේම ආදරණීය ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා. මේ ෆොටෝස් දැක්කම නම් කාට වුණත් හිතෙන්නේ දෙන්නට දෙන්නා කොච්චර ආදරෙයිද කියලා. ඒ තරමටම මේ දෙන්නාගේ මූණුවල තියෙන සතුට සහ ඔවුන් අතර තියෙන ශක්තිමත් බැඳීම මේ ඡායාරූපවලින් හොඳටම කැපිලා පේන්න තියෙනවා.
දෙන්නගේම වෙනස්ම විදියේ ලස්සනක් මේ ෆොටෝස්වලින් දකින්න ලැබෙන නිසාම, මාධවී සහ කසුන්ගේ මේ අලුත්ම ෆොටෝ ටික මේ වෙද්දිත් සමාජ මාධ්‍ය තුළ රසිකයින්ගෙන් ලොකු ආදරයක් වගේම ඉහළ ප්‍රතිචාරත් ලැබෙමින් පවතිනවා. "ඇස්වහක් කටවහක් නෑ, හැමදාමත් වගේ මේ ආදරේ මෙහෙමම තියෙන්න" කියලා තමයි ගොඩක් අය ඔවුන්ට ආදරෙන් සුබ පතලා තිබුණේ.