ඒ ඇට්ලි (Atlee) ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන, දකුණු ඉන්දීය සුපිරි නළු අල්ලු අර්ජුන් ප්‍රධාන චරිතය නිරූපණය කරන දැවැන්ත විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi) චිත්‍රපටයක් වන රාකා (Raaka) හරහායි.
රාකා චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය සඳහා විල් ස්මිත්ට ආරාධනා කර ඇති අතර, මේ වන විටත් ඔහුගේ ඇඳුම් නිර්මාණ අවසන් කර ඇති බව වාර්තා වේ. ඔහුගේ දර්ශන ඉදිරියේදී විදෙස් රටකදී රූගත කිරීමට චිත්‍රපට කණ්ඩායම සූදානම් වෙයි.
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ද මෙම චිත්‍රපටයට එක්වන බව දැන් තහවුරු වී ඇත. ඔහු මේ දිනවල King චිත්‍රපටයේ අවසන් කටයුතුවල නිරත වන අතර, සැප්තැම්බර් මාසයෙන් පසු රාකා හි රූගත කිරීම් සඳහා එක්වනු ඇත.
චිත්‍රපටයේ කතාව සමාන්තර ලෝක හරහා ගලා යන එකක් බවත්, එහිදී අල්ලු අර්ජුන් සීයා, පියා සහ පුතුන් දෙදෙනෙකු ලෙස චරිත හතරක් නිරූපණය කිරීමට ඉඩ ඇති බවත් කටකතා පැතිරෙයි. පසුගිය අප්‍රේල් මාසයේ නිකුත් වූ ඔහුගේ අපූරු First-look පෝස්ටරය මඟින් මෙම අභිරහස් බව තවත් වැඩි කර ඇත.
Sun Pictures විසින් නිෂ්පාදනය කරන මෙම දැවැන්ත සිනමා පටය සඳහා දීපිකා පදුකෝන්, රශ්මිකා මන්දනා, ජාන්වි කපූර් සහ මෘණාල් තාකූර් යන ජනප්‍රිය නිළියන්ද එක්වෙති.
හොලිවුඩය, බොලිවුඩය සහ දකුණු ඉන්දියාව එකම තිරයකට ගෙන එන මෙය ඉන්දියානු සිනමාවට මෙන්ම ලෝක සිනමාවටම අලුත්ම අත්දැකීමක් ගෙන දෙනු නොඅනුමානය.