උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අතිවිශාල සඟරුවනකගේ සහ ගිහි සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී මීට සුළු මොහොතකට පෙර පූර්ණ ගෞරව සහිතව පැවැත්වුණා.
1950 වසරේ මැයි 22 වැනිදා දෙනියාය රඹුකන ග්‍රාමයේ උපත ලබා, මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් සහ පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙණෙන් මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ, ශ්‍රී ලාංකේය ගීත කලාව තුළ නොමැකෙන මහා යුග මෙහෙවරක් ඉටු කළ යතිවරයාණන් නමකි.
යුග ගණනක් රැව්දුන් අමරණීය නිර්මාණ පෙළහර...
වික්ටර් රත්නායකයන් ගැයූ: 'බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති', 'කාසිවලට ගන්නත් බැහැ'
ගුණදාස කපුගේ ශූරීන් ගැයූ: 'පිහිටක් නැති සරණක් නැති', 'සද්ධර්ම මකරන්ද'
මාලිනී බුලත්සිංහලයන් ගැයූ: 'හිමි සණරාමර', 'පිපෙනා මලකට', 'සෙනෙහස පුදා', 'බුදු බණ ඇසුවා'
කරුණාරත්න දිවුල්ගනේ ගැයූ: 'ලා දළු බෝපත්', 'වෙහෙරක් වගේ'
සිය නිර්මාණ කුසලතාව බෞද්ධ ගීත කලාවට පමණක් සීමා නොකළ උන්වහන්සේ, 'පන්සලේ පල්ලියේ', 'බණ කියන රටක්', 'මේ ප්‍රේම කතා නවතා මොහොතක්', 'මේ ඉර හඳ යට', 'සියක් ආයු ලැබ', 'අව්වට වැස්සට හුරු මිනිසුන්නේ' මෙන්ම 'සඳ තරු මල් මට දන් දුන්' වැනි හදවත සසල කරන සමාජීය හා ප්‍රේම ගීත රැසක් ද දැයට දායාද කළහ.