මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කරන්නේ, ඇයගේ අවසන් කැමැත්තට උපරිමයෙන් ගරු කරමින් ඇති බවයි.
ඒ අනුව, ඇගේ දේහය හෙට (21) පෙරවරු 10.00 සිට නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේදී මහජන ගෞරවය සඳහා විවෘතව තැබීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
අනතුරුව එළඹෙන සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේහය අවසන් ගෞරවය පිණිස බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතයි.
විශේෂම කරුණ වන්නේ, කිසිදු රාජ්‍ය හෝ නිල අවමංගල්‍ය උත්සවයකින් තොරව ඉතාම චාම් සහ නිහඬ අයුරින් අවසන් කටයුතු සිදු කරන ලෙස ඇය කළ ඉල්ලීමයි. ඒ අනුව පවුලේ ඥාතීන්ගේ තීරණය මත සෙනසුරාදා පස්වරු 5.00 ට බොරැල්ල සුසාන භූමියේදී ඇගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැඩිදුරටත් තහවුරු කළා.