ඒ අනුව, ඇය දැයට ඉටු කළ අනුපමේය මෙහෙවරට උපහාරයක් ලෙස 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින පුරා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙම ජාතික ශෝක දින ප්‍රකාශයට පත් කිරීම හා ඊට අදාළ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ වැඩිදුර විස්තර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් කඩිනමින් නිකුත් කිරීමට නියමිත බවයි.