කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ හලාවත සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ ගෙඩි මීටර් 2.5 ත් 3.0 ත් අතර දැවැන්ත උසකට ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බවයි.
විශේෂයෙන්ම, මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළ තීරයන්හි මුහුදු රළ ගොඩබිම දෙසට ගලා ඒමේ වැඩි සම්භාවිතාවක් පවතින බවටයි අනතුරු අඟවන්නේ.
මේ නිසා අදාළ මුහුදු කලාපවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන සියලු දෙනා මෙන්ම වෙරළාසන්නයේ වෙසෙන ජනතාවද මේ පිළිබඳව දැඩි අවධානයෙන් සහ පූර්ව සූදානමකින් කටයුතු කරන ලෙස බලධාරීන් තරයේ ඉල්ලා සිටිනවා.