මොණරාගල - කුඹුක්කන ප්‍රදේශයේ පිහිටි කළුපාලම මතදී, වන්දනාකරුවන් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම බිහිසුණු අනතුර සිදුව ඇත්තේ. අනතුරින් එකම පවුලේ දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් පස් දෙනෙකු (05) එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කැබිලිත්ත වන්දනාව සඳහා ට්‍රැක්ටර් රථ 3ක් පෙළගැසී ගමන් කර ඇති අතර, අනතුරට ලක්ව ඇත්තේ මැදින් ධාවනය වූ ට්‍රැක්ටර් රථයයි. අනතුර සිදුවන අවස්ථාවේ එම ට්‍රැක්ටර් රථයේ බැතිමතුන් 10 දෙනෙකු ගමන් කරමින් ඉදලා තියෙනවා..බරපතල තුවාල ලැබූ තවත් 03 දෙනෙකු මේ වන විටත් රෝහල්ගතව දැඩි සත්කාර ලබමින් සිටින බවයි සඳහන් වන්නේ....
මියගිය සහ තුවාල ලැබූවන් වයස අවුරුදු 21 ත් 50 ත් අතර පසුවන බුත්තල, දොඩම්ගස්ලන්ද සහ හොරබොක්ක යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අලුයම අඳුර මැද සිදුවූ මෙම මාරක අනතුරත් සමඟින් මුළු ප්‍රදේශයම දැඩි ශෝකයක ගිලී ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.