නුගේගොඩ, නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසට මේ වන විටත් කලාකරුවන් මෙන්ම ඇයට ආදරය කළ රසික රසිකාවියන් විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ. ඊයේ සිය නිවසේදීම අවසන් හුස්ම හෙළන විට ඇය 82 වැනි වියේ පසුවුණා.
ලාංකේය සංගීත ක්ෂේත්‍රයට ඇයගෙන් හිමිවුණු ඒ අමිල මෙහෙවරට ගෞරවයක් වශයෙන්, ඇගේ අභාවය වෙනුවෙන් අද සිට දින 03ක කාලයක් "ජාතික ශෝක දින" ලෙස නම් කරන්නටත් තීරණය කර තිබෙනවා.
ආචාර්ය නන්දා මාලිනියගේ අවසන් කටයුතු හෙට (22) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
අපේ කාලයේ අසහාය ගායිකාවට, අමා මහ නිවන් සුව අත්වේවා!