හැබැයි අන්න ඒ හැමෝටම කට උත්තර නැතිවෙන්න, බිංදුවේ ඉඳන් අහස තරම් උසට තමන්ගේ හීනය අරන් ගිය අපේම රටේ තරුණියක් ගැන මේ දවස්වල මුළු සෝෂල් මීඩියා එකේම ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.
ඇය නමින් අමා ජයමාන්න...
ගොඩක් අය හිතන්නේ Flight එකක Cabin Crew කෙනෙක් වෙනවා කියන්නේ එක රැයින් වෙන ලේසි පහසු දෙයක් කියලයි. හැබැයි අමා කියන්නේ එහෙම එකපාරටම මේ තැනට ආපු චරිතයක් නෙවෙයි.
ඇගේ මේ ගමන පටන් ගන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන්. SriLankan Airlines එකේ Ground Handling Agent කෙනෙක් විදිහට මහපොළොවේ ඉඳන් මගීන්ට සේවය කරමින්, දහඩිය මහන්සියෙන් කට්ට කාපු මේ තරුණිය, අද ඉන්නේ මුළු ලෝකෙම අවධානය දිනාගත්තු තැනක...
අද වෙනකොට අමා සේවය කරන්නේ සෞදි අරාබියේ දැවැන්තම සහ අතිනවීනතම ගුවන් සේවය වන Riyadh Air හි කැබින් කාර්ය මණ්ඩල සාමාජිකාවක් විදිහටයි.
ඩිජිටල් තාක්ෂණයත් එක්ක ලෝකයේ ප්‍රධානම නගර රැසකට පියාපත් විහිදුවන්න ලෑස්ති වෙන මේ දැවැන්ත සමාගමේ, දහස් ගණනක් මගීන්ගේ ආරක්ෂාව සහ සත්කාරක සේවාවන් බලාගන්න වගකීම අද හිමිවෙලා තියෙන්නේ අපේ රටේ මේ තරුණියට වීම කාටත් ආඩම්බරයක්...
"අපිට සල්ලි නෑ, කනෙක්ෂන් නෑ, අපි පටන් ගත්තේ පහළින්" කියලා නිදහසට කරුණු කියන අයට අමා කියන්නේ හොද ආදර්ශයක්. තමන් පටන් ගත්තු තැන නෙවෙයි, තමන්ගේ ඇතුළේ තියෙන කැපවීමයි මහන්සියයි තියෙනවා නම් යන්න බැරි දුරක් නෑ කියලා ඇය මුළු රටටම ඔප්පු කරලා හමාරයි.