නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු ඊයේ (21) පස්වරුවේ මෙලෙස හදිසි ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ පාදයේ පැවති ‘වෙරිකෝස්’ (Varicose veins) රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්. එහිදී ඔහුගේ පාදයේ රුධිර නහරයක් පුපුරා ගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මීට පෙර මොහුගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ සුගීෂ්වරගේ රෝගී තත්ත්වය සලකා කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එහෙත් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, රැඳවියන්ගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ සෘජු නියෝග නිකුත් කිරීමට අධිකරණයට නීතිමය බලයක් නොමැති බැවින් ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටම දැනුම් දෙන ලෙසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර, මුදල් වංචා සහ විශ්වාසය කඩකිරීමේ චෝදනා මත මේ වන විටත් පසුවන්නේ රිමාන්ඩ් භාරයේයි.