නාවල පිහිටි ඇගේ නිවසේ සිට බොරැල්ල සුසාන භූමිය දක්වා රිය පෙරහැරකින් දේහය රැගෙන ආ මොහොතේ මඟ දෙපස රැස්ව සිටි රසික ජනතාව සංවේගයෙන් යුතුව ඇයට සිය ගෞරවය පුද කර සිටියා.
මිය යන විට 82 වැනි වියේ පසු වූ ඇයගේ 83 වැනි උපන්දිනය යෙදී තිබුණේ හෙට දිනට වීම කාගේත් හදවත් කම්පා කරවන කරුණක් වුණා. ඊයේ රාත්‍රියේ මෙන්ම අද පෙරවරුවේත් නොනවත්වා ඇදහැළුණු දිගු පෝලිම්වල රැඳී සිටිමින් දහස් සංඛ්‍යාත ජනතාවක් සිය ආදරණීය ගායිකාවට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.
බොදු ගීතය, සමාජ විප්ලවය සහ ප්‍රේමය සිය අද්විතීය හඬ පෞරුෂයෙන් මෙරට ජන සමාජයේ හදවත් තුළ සදාතනික කළ ඒ අමරණීය ස්වරය අදින් පසුව නිහඬ වුවද, ඇය තබා ගිය නාමය මෙරට සංගීත ඉතිහාසයේ කිසිදා නොමැකෙනු ඇත.
සියලු ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව, මුළු ලක්මවම කඳුළින් නහවමින් මේ මහා හඬ පෞරුෂය අද සදහටම අපෙන් සමුගත්තා.