ඊයේ (21) පස්වරුවේ ප්‍රදේශයේ ධීවරයෙකුට මුහුදු ඛාදනය වැළැක්වීමට යොදා ඇති ගල්වැටියක යමක් සිරවී ඇති බව දැක ඒ පිළිබඳව කළ දැනුම්දීමකට අනුවයි මෙම සිරුර සොයාගෙන ඇත්තේ.
වයස අවුරුදු 25ත් 35ත් අතර පසුවන තරුණයෙකුගේ බවට සැක කෙරෙන මෙම සිරුරේ බඳ වටා පටියක්ද බැඳ තිබී ඇති බවයි වාර්තා වෙන්නේ....
පසුගියදා අඟුලාන මුහුදට ඔබ්බෙන් අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවේ සිටියදී අතුරුදන් වූ නාවික හමුදා සෙබළාගේ සිරුර මෙය විය හැකි බවට සැක පළවීමත් සමඟ වහාම නාවික හමුදාව දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මහා රෝහල වෙත යොමු කිරීමට නියමිත අතර, වෙන්නප්පුව පොලිසිය සහ නාවික හමුදාව මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා...