දරුණු වියළි කාලගුණය නිසා මේ වන විටත් පවුල් 25,628කට අයත් අසරණ මිනිසුන් 81,865 දෙනෙක් බොන්න වතුර පොදක් පවා නැතිව දැඩි පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරන්නේ.
අම්පාර, බදුල්ල, මඩකලපුව, මොණරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පවුල් 23,048 ක පුද්ගලයින් 72,153කට අද උදෑසන වන විටත් බීමට ජලය බෙදා දීමට සිදුව තිබෙනවා.
තිරප්පනේ 'පිත්තලකොණ්ඩෑරුම වැව' මුළුමනින්ම සිඳී ගොස් ඉරි තලා ඇති අතර, හිඟුරක්ගොඩ කිතුල්උතුව ප්‍රදේශයේ ගම්වාසීන් ජලය ලබාගත් ළිං රැසක්ම මේ වන විට සහමුලින්ම හිඳී ගොස් අවසන්...
අනුරාධපුරය, පොළොන්නරුව, වැල්ලවාය සහ අම්පාර ප්‍රදේශවල වැසි බිඳක්වත් නොමැති වීමෙන් ගොවිතැන් බත් කරගන්නටත්, දෛනික අවශ්‍යතා පිරිමසා ගන්නටත් නොහැකිව ගොවි ජනතාව හඬා වැටෙන තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
මේ අතර නැගෙනහිර පළාත ඇතුළුව යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, මොණරාගල සහ පොළොන්නරුව ප්‍රදේශවල උණුසුම ඉදිරි දිනවලදී තවදුරටත් ඉහළ යා හැකි බවයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.