30 හැවිරිදි දීපක් කුමාර් නමැති මෙම නැටුම් ගුරුවරයා, පසුගිය කාලයේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබුණේ ඔහුගේ මාසික ආදායම සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන්. ඒ අස්සේ වාරික ක්‍රමයට ගත්තු අලුත්ම iPhone එකේ මාසික ණය මුදල ගෙවාගන්න බැරිව මෙයා දරුණු මානසික පීඩනයකට ලක්වෙලා.
හිසරදයක් වෙච්ච මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න හිතාගෙන, ඔහු ඊයේ රාත්‍රියේ දිල්ලියේ කලින්දි කුන්ජ් ප්‍රදේශයේ පිහිටි යමුනා නදියට පැනලා සියදිවි නසාගන්න උත්සාහ කරලා තියෙනවා.
කොහොම වුණත් සිද්ධිය දුටු වහාම ක්‍රියාත්මක වුණු ප්‍රදේශයේ පොලිසිය සහ සහන සේවා බෝට්ටු කණ්ඩායම්, ක්ෂණිකව වතුරට පැනලා මේ තරුණ ගුරුවරයාව නිරුපද්‍රිතව බේරගන්න සමත් වෙලා.
ජීවිතය බේරාගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔහුට අවශ්‍ය මූලික උපදේශනය ලබාදී, ඔහුගේ බිරිඳ සහ මස්සිනා කැඳවා වැඩිදුර පරිස්සම සඳහා ඔහු නිවස වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.