ඊයේ (22) දවස ගත කරන්න කියලා මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් තමන්ගේ තවත් මිතුරන් හතර දෙනෙක් එක්ක එකතු වෙලා ඇහැලියගොඩ - ගල්පොත්තහේන වැවට ගිහින් තිබුණේ දිය නාන්නයි. හැමෝම එකතු වෙලා වැවේ සතුටින් දිය නාමින් ඉන්න අතරතුරේදී කිසිවෙක් නොසිතූ මොහොතක මේ තරුණයා එක්වරම දියේ ගිලී අතුරුදන් වෙලා තියෙනවා.
එතැන හිටපු මිතුරන් සහ අවට පිරිස් ඔහුව බේරාගන්න උපරිම උත්සාහ කළත්, ඒ වන විටත් ඔහු දියේ ගිලී අවසන් හුස්ම හෙළා තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට ලැබුණු හදිසි පණිවිඩයක් මත ක්‍රියාත්මක වූ ඇහැලියගොඩ පොලිසිය වහාම එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර තිබෙනවා. 22 හැවිරිදි වියේ පසුවූ මේ තරුණයාගේ අවාසනාවන්ත වියෝව ප්‍රදේශයම දැඩි ශෝකයට පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.