ඇගේ රුවට වගේම රංගන කුසලතාවයටත් ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් අපේ රටේ ඉන්නවා. ඉතින් මේ සුරූපිනිය පසුගියදා ඇගේ ෆේස්බුක් ගිණුමට එක්කරපු අලුත්ම ඡායාරූප පෙළක් නිසා මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් නිර්මාණය වෙලා.
මේ ඡායාරූප පෙළේ තියෙන විශේෂත්වය තමයි කිසිම කෘත්‍රිම ආටෝපයක් නැතිව, ස්වභාවදහමේ චමත්කාරයත් එක්ක ඇගේ රූපය ඉතාමත් අපූරුවට කැමරාවට හසුකරගෙන තිබීම. හිරු එළිය වැටුණු ඇගේ සුන්දර මුහුණ නෙතට ගෙනෙන්නේ ලොකු සැනසිල්ලක්. ඒ වගේම මේ ඡායාරූප පෙළට ඇය එකතු කරලා තිබුණු අපූරු ඉංග්‍රීසි සටහන රසිකයින්ගේ හදවත් තවත් තදින් වැළඳගන්න සමත් වෙලා තියෙනවා.
"Waking up to sunshine reflecting on the eyes, the gentle wind brushing against my face, and the earth beneath me. there’s something deeply beautiful about simply being alive."
"හිරු කිරණ නෙත් මත පතිත වෙද්දී අවදි වීම, මෘදු සුළඟ මුහුණේ දැවටීම සහ මට යටින් ඇති මේ මහ පොළොව. හුදෙක්ම ජීවත්වීම තුළම ඇත්තේ ගැඹුරු සුන්දරත්වයකි..."
ජීවිතයේ තියෙන සරල මෙන්ම ගැඹුරු සුන්දරත්වය ගැන කියවෙන මේ අපූරු සටහනත් එක්ක පළවුණු තරින්දිගේ ඡායාරූපවලට මේ වෙද්දී ෆේස්බුක් එකේ වැහි වැහැලා. බොහෝ දෙනෙක් ඇගේ මේ ස්වභාවික සුන්දරත්වය වර්ණනා කරමින් ආදරණීය ප්‍රතිචාර දක්වලා තිබුණා.
ඇත්තටම ඇය මේ සටහනින් කියනවා වගේම, මේ කාර්යබහුල ජීවිතය ඇතුළේ ස්වභාවදහම එක්ක ගතකරන ඒ නිදහස් නිමේෂයන් කොයිතරම් සුන්දරද කියන එක මේ ඡායාරූප පෙළ දකින ඕනෑම කෙනෙකුට දැනෙනවා නිසැකයි.