ඒ, ඉන්දියාවේ පැවැත්වෙන 2026 'ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ' (World Athletics Silver Level Continental Tour 2026) දී ශ්‍රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තැබීමට අපේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමත් වීමයි...
එහිදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක සුමේද රණසිංහ, මීටර් 80.29 ක දැවැන්ත දුරක් හෙල්ල විසිකරමින් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වුණා.
එපමණක් නොව, කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් තරග බිමට පිවිසි ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ, මීටර් 58.98 ක දස්කමක් දක්වමින් රිදී පදක්කම මව්බිමට හිමිකර දීමට සමත් වූයේ මුළු ක්‍රීඩා ලෝලීන්ගේම හදවත් සතුටින් පුරවමින්.
ජාත්‍යන්තර පිටියේ දැවැන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් පරදවමින් ලක්මව රනින් බබළවන්නට සමත් වූ සුමේදට සහ දිල්හානිට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද දසතින් සුබපැතුම් ගලා එමින් තිබෙනවා.