ඒ, ප්‍රපාතයකින් පහළට ඇදවැටී එකම පවුලේ මව, පියා සහ 18 හැවිරිදි එකම පුතු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක්.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඡත්‍රපති සම්භාජිනගර් හි පිහිටි ඛාව්ඩා කඳුකර ප්‍රදේශයේදී මෙම ඛේදවාචකය සිදුව තිබෙනවා. දේව්ලායි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මෙම තරුණයා ඊයේ උදෑසන 10:00ට පමණ අදාළ කඳු මුදුනට පැමිණ ප්‍රපාතය අද්දර සිටගෙන තමන් සියදිවි නසාගන්නා බවට දෙමාපියන්ට තර්ජනය කරලා තිබුණා....
සිද්ධිය සැලවූ වහාම එම ස්ථානයට දිව ආ මව, ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන් පැය තුනකට අධික කාලයක් තිස්සේ තරුණයාට කරුණු පහදා දෙමින් ඔහුව බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක නිරත වුණත්, ඔහු කිසිවෙකුගේ කීමක් නොඅසා දිගින් දිගටම ප්‍රපාතය අයිනේම රැඳී ඉදලා තියෙනවා...
පසුව පහළ සිටි පියාද කඳු මුදුනට දිවවිත් තම ආදරණීය පුතුට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කරලා තියෙනවා. දහවල් 1:00ට පමණ තරුණයා එකවරම ප්‍රපාතය දෙසට තවත් ළං වෙද්දී කලබල වූ පියා ඔහුව අල්ලා බේරාගැනීමට උත්සාහ කිරීමේදී දෙදෙනාම එකවර අඩි සිය ගණනක් ගැඹුරු ප්‍රපාතයෙන් පහළට ඇදවැටීලා තියෙනවා...
තම ඇස් ඉදිරිපිටදීම සැමියා සහ ආදරණීය පුතු අගාධයට ඇදවැටෙන අයුරු දුටු මව, ඒ දරාගත නොහැකි වේදනාවෙන් මොහොතක්වත් ප්‍රමාද නොවී එම කඳු මුදුනෙන්ම පහළට පැන දිවි නසාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.
නොසිතූ මොහොතක සිදුවූ මේ අවාසනාවන්ත සිදුවීමෙන් එම පවුලේ තිදෙනාම එම ස්ථානයේදීම අවසන් හුස්ම හෙළා තිබෙනවා.