ඔහු සඳහන් කළේ, ත්‍රිරෝද රථයක් පැදවීම සඳහා දැනට පවතින අවම වයස් සීමාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි. ඒ අනුව, ත්‍රිරෝද රථයක් පැදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය අවසන් කරන තරුණයන් විශාල වශයෙන් ත්‍රිරෝද රථ රැකියාවට යොමුවීම පාලනය කිරීම මෙහි එක් අරමුණක් බවද ඔහු පෙන්වා දෙනවා.
ත්‍රිරෝද රථ කර්මාන්තය නිසි ක්‍රමවේදයක් යටතේ නියාමනය කරමින් වඩාත් විධිමත් ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට රජය අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.