මේ විදිහට හැබෑ වුණු හීනයක් ගැන යොහානි හෙට්ටිආරච්චි සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සංවේදී සටහනක් මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් නිර්මාණය කර තිබෙනවා.
"මට හීනයක් වුණු ෆොටෝ එකක්..."
තම උපාධිය ලබාගත් දිනයේ සිය ආදරණීය පියා සමඟ ගත්තු ඒ සුවිශේෂී ඡායාරූපය සමාජ මාධ්‍යයට එක්කරමින් යොහානි මේ සංවේදී සටහන තබා තිබුණා.
ඇය එහි සඳහන් කර තිබුණේ මෙවැන්නක්...
"මට හීනයක් උන photo එකක්... පොඩි කාලෙ ඉදන් තාත්තා ළග හැදෙන්න බැරි උන දුවෙක් දන්නවා තාත්තා එක්ක ගන්න පළවෙනි photo එකේ වටිනාකම..."
යොහානි විසින් පළ කර ඇති ඡායාරූපය දිහා බලන ඕනෑම කෙනෙකුට ඒ තාත්තාගේ සහ දුවගේ මුහුණේ තියෙන අප්‍රමාණ සතුට මනාව පැහැදිලි වෙනවා. උපාධි ඇඳුමින් සැරසිලා, මල් කළඹක් සහ තෑගි අතැතිව තාත්තාගේ තුරුලට වෙලා ඉන්න යොහානිගේ ඒ දසුන අතිශය හැඟීම්බරයි. උසස් අධ්‍යාපනයක් ලබාගෙන ජීවිතේ ඉහළටම යන ගමන් මඟේ තමන්ට ලැබුණු ලොකුම ජයග්‍රහණයක් සමරන දවසේ, තාත්තාගේ උණුසුම මැද ඒ සතුට බෙදාගන්න ඇයට පුළුවන් වෙලා තියෙනවා.
පොඩි කාලේ ඉඳන් තාත්තාගේ සෙවනේ හැදෙන්න නොලැබුණු අඩුව, මේ විදිහට හෝ මකාගන්න ලැබුණු එක ගැන ඇය නිහතමානීව සතුටු වෙනවා. තාත්තා කෙනෙක්ගේ ආදරය අහිමි වුණු, හෝ තාත්තා ළඟ නැති බොහෝ දෙනෙකුගේ නෙතට කඳුළක් එක් කරන්න යොහානිගේ මේ අපූරු ඡායාරූපයත්, ඒ සංවේදී වචන ටිකත් සමත් වෙලා තියෙනවා කියලා සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන දහස් ගණන් ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා.
