ජීවිතයේ නොයෙකුත් අභියෝග, බාධා ජයගනිමින් පේරාදෙණිය සරසවියෙන් ඇය සිය මූලික උපාධිය සම්පූර්ණ කළේ රන් පදක්කම් අටක්ද සමග වාර්තාවක් තබමින්..
උදේනි කුමුදුමලී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයෙන් තම අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යාවක්.. ඉතාමත් දුෂ්කර ගමකින් ඇවිල්ලා..වැඩ්ඩො අතර වැඩ්ඩෙක් වෙන්න හැමෝටම බෑ..
ඒත් ඇය ඒක කොහොමහරි ඒ අභියෝගය ජය ගත්තා.. ඉන් පසු උදේනි ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුන්වෙන් නික්ම යන්නේ University of Illinois at Urbana-Champaign වෙතයි. එහි අධ්‍යයන කටයුතුත් සාර්ථකව අවසන් කරන්න ඇයට පුළුවන් වෙලා.
ඒ සතුට මෙන්න මේ විදිහට සමාජමාධ්‍ය හරහා බෙදාගන්නත් මේ තරුණිය අමතක කරලා තිබුණේ නැහැ. ඇය ඇත්තෙන්ම අපේ රටේ සිටින සුවහසක් සිසු දරුවන්ට විශාල ශක්තියක් , ආදර්ශයක් සපයන තැනැත්තියක් බව නම් නිසකයි..