මෙන්න මේ වසරේ ගතවුණු කාලය ඇතුළත මෙරට සංචාරක ක්ෂේත්‍රයෙන් අතිශය සුවිශේෂී වගේම සතුටුදායක වාර්තාවක් තබන්න ශ්‍රී ලංකාව සමත්ව ඇති බව නිල වශයෙන්ම වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරපු අලුත්ම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව බලාපොරොත්තු වූවාටත් වඩා වේගයෙන් ලක්ෂ 12 සීමාව සුණු විසුණු කරමින් ඉදිරියට ගිහින් තියෙනවා. ඒ අනුව ගතවූ කාලය තුළ පමණක් සංචාරකයන් 1,236,695 ක් ලංකාවේ සුන්දරත්වය විඳගන්න පැමිණ තිබෙනවා.
එ විතරක් නෙවෙයි, මේ උණුසුම් සංචාරක උන්මාදය කොයිතරම්ද කියනවා නම්, මේ උදාවුණු මාසයේ ගතවුණු මුල් දින 15 වැනි කෙටි කාලය ඇතුළත විතරක් විදෙස් සංචාරකයින් 90,122 ක් අපේ රටට ගොඩබැහැලා තියෙනවා...
දිනෙන් දින ඉහළ යන මේ සංචාරක ආකර්ෂණයත් එක්ක, ඉදිරි මාස කිහිපය ඇතුළත ලංකාවේ සංචාරක ව්‍යාපාරය මෙතෙක් ඉතිහාසයේ නොතිබූ දැවැන්තම ආදායම් වාර්තාවන් කරා ළඟා වනු ඇති බවටයි ආර්ථික සහ සංචාරක විශේෂඥයන් දැඩි විශ්වාසයකින් යුතුව පවසන්නේ.