මෙන්න මේ ළඟදී ඇය සහභාගී වුණු සුවිශේෂී උත්සවයකදී ඇය තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන වගේම අපූරු රහසක් ප්‍රසිද්ධියේම හෙළි කරලා තිබුණා.
ඊයේ (17) පැවති සුරතල් සතුන් පිළිබඳ පශු වෛද්‍ය සංගමයේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය අපූරු ඉල්ලීමක් කළා. ඒ තමයි, අප අවට ජීවත්වන සුරතල් සතුන්ට වගේම වීදි සතුන්ටත් ආදරය සහ කරුණාව දක්වන්න කියන එක.
එහිදී තමන්ගේ නිවසේ සිටින සුරතල් සතුන් ගැන සිනහමුසු මුහුණින් අගමැතිනිය දැක්වූ අදහස් රසිකයන්ගේ වගේම කාගේත් අවධානය දිනාගන්න සමත් වුණා.
"සුරතල් පූසන් ඉන්න අය දන්නවා, අපි පූසන්ගේ අයිතිකාරයෝ නම් නෙවෙයි. අපි ඔවුන්ගේ සේවකයෝ. මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම ඔවුන්ගේ සේවකයෙක් හැටියට තමයි මම නම් ඉන්නේ. අපේ ගෙවල්වල සතුන් ගැන විතරක් නෙවෙයි වීදි සතුන් ගැනත් අපි විශේෂ අවදානයක් යොමුකරන්න ඕනි. ඒක අපි සියළුදෙනාගේ වගකීමක්."