මේක අයින් කරන්නේ නැද්ද? කියන එක. විශේෂයෙන්ම තෙල් පෝලිම් නැති වෙලා ටිකක් කල් ගතවෙද්දී හැමෝම හිතුවේ QR ක්‍රමය ඉක්මනටම අයින් කරයි කියලා.
හැබැයි අද (ජූලි 17) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් (CPC) නිකුත් කරපු අලුත්ම නිවේදනය දැක්කම නම්, වාහන අයිතිකාරයන්ගේ මූණ ඇඹුල් වෙන එක නතර කරන්න බෑ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසන්නේ මේ මොහොතේ QR ක්‍රමවේදය ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බවයි.
රට යථා තත්ත්වයට පත් වීගෙන ආවත්, මේ තීරණය තවදුරටත් ඉදිරියටම අරන් යන්න CPC ය තීරණය කරලා තියෙන්නේ හේතු කිහිපයක් නිසාමයි.
සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල තවමත් ස්ථාවර නැති බවයි. විශේෂයෙන්ම ලෝකයේ පවතින යුදමය තත්ත්වයන් ආයෙත් උග්‍ර වුණොත්, ඒක කෙළින්ම ලංකාවට බලපාන්න පුළුවන්.
QR ක්‍රමය නිසා ඉන්ධන පාලනයකින් යුතුව පරිභෝජනය වන නිසා රටේ ඩොලර් සංචිතය අනවශ්‍ය ලෙස වැයවීම පාලනය වෙනවලු.
ලෝක වෙළෙඳපොළ අවුල් වෙලා නැවතත් ලංකාවේ තෙල් පෝලිම් ඇතිවී ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට තියෙන හොඳම 'කැපී පෙනෙන ආවරණය' මේ QR ක්‍රමය බවයි ඔහු කියන්නේ.
කොහොම වුණත් දැනට පවතින ලෝක දේශපාලන සහ යුද වාතාවරණය නිසා මෙරට ඉන්ධන සැපයුම් ජාලයට මේ දක්වා කිසිදු බලපෑමක් වෙලා නැහැ කියලත් සංස්ථාව සහතික වෙනවා.
වාහන හිමියන් බය වෙන තවත් කතාවක් සංස්ථාව මතක් කරලා තියෙනවා. ඒ තමයි, ලෝක වෙළෙඳපොළේ මිල ගණන් නැවත ඉහළ යාමක් සිදුවේද යන්න පිළිබඳව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තර නිරීක්ෂණයක ඉන්නවා කියන එක. ඒ කියන්නේ මිල වෙනස්වීම් ඉදිරියේදීත් සිදුවෙන්න පුළුවන් කියන ඉඟියයි.
ඒ නිසා QR එකෙන් නිදහස් වෙන්න බලාගෙන හිටපු යාළුවනේ... තවදුරටත් ෂෙඩ් එකට යද්දී ෆෝන් එකේ QR කේතය ලෑස්ති කරගෙනම යන්න වෙයි වගේ!f