වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව නිල වශයෙන් අනාවරණය කළා.
සභාපතිවරයා පවසන පරිදි, දැනට ලංකාවේ වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිතව මෙම වී මිලදී ගැනීමේ ගබඩා විවෘත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව දැනට වී අස්වනු බහුල වශයෙන් නෙලීම ආරම්භ වී ඇති උතුරු, නැගෙනහිර සහ අම්පාර යන ප්‍රදේශ මුල් කරගනිමින් මේ දිනවල ගබඩා විවෘත කිරීම් සිදුවනවා.
ගොවීන් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි රජයේ සහතික මිල ගණන් මෙසේයි..
වී වර්ගය කිලෝ එකක් මිලදී ගන්නා මිල
නාඩු වී රුපියල් 120.00
සම්බා වී රුපියල් 130.00
කීරි සම්බා වී රුපියල් 140.00
වී මිලදී ගැනීම සඳහා මේ වන විටත් ස්ථාන 143ක ගබඩා වෙන් කරගෙන අවසන් බවයි වාර්තා වන්නේ. යම් හෙයකින් රජයේ ගබඩා සම්පූර්ණයෙන්ම පිරී ගියහොත්, ගොවීන්ට අපහසුතාවක් නොවන්නට අසල පිහිටි පෞද්ගලික අංශයේ ගබඩා පවා තාවකාලිකව ලබා ගැනීමට මේ වන විට සාකච්ඡා කර තිබීම විශේෂත්වයක්.
වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න රජය විශාල පියවරක් තබා තිබෙනවා. ඒ අනුව:
රජය සෘජුවම වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක මුදලක් ලබා දී ඇත.
ඊට අමතරව ඕඩපන ණය යටතේ තවත් රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර තිබේ.
මෙම මුදල් ප්‍රතිපාදන හරහා කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ද වී තොග රැස් කරගැනීම සඳහා පහසුකම් සලසා දී ඇති අතර, මෙම සමස්ත ක්‍රියාවලියම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දැඩි අධීක්ෂණය යටතේ සිදුවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ