හැබැයි මේ මූල්‍ය අක්‍රමිකතාවලට සහ හොරකම්වලට තිත තියන්න, අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව දැන් කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් තාක්ෂණය යොදාගෙන සුපිරිම මෙහෙයුමක් පටන් අරන්!
COPA කමිටුවේදී හෙළිවුණු කම්පනීයම දේ තමයි... 2002 වසරේ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේදී සිදුවී ඇති රුපියල් මිලියන 212කට (කෝටි 21කට) ආසන්න මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පවරා තිබුණු නඩුවේ අදාළ මුද්‍රණ ආයතනය සහ එහි අධ්‍යක්ෂවරුන්ව මේ වන විට සොයාගන්නට පවා නොහැකි වී ඇති බව!
මේ සිද්ධිය ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හරහා විමර්ශන ක්‍රියාත්මක වන අතර, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව දැනටමත් විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, 2006 වසරේදී පොත් ටික වෙලාවට දෙන්න බැරි වුණු මුද්‍රණාලයකින් වන්දි අය කරගන්න ප්‍රමාද වීම ගැනත් කමිටුවේ දැඩි අවධානය යොමුවෙලා.
පසුගිය කාලයේදී නිවැරදිව අවශ්‍යතාවය ගණනය කරගන්න බැරි වීම නිසා අතිරික්ත පොත් තොග ගණන් ගබඩාවල ගොඩගැහිලා අපරාදේ විනාශ වී ඇති බවත්, ඒ නිසාම ප්‍රවාහන වියදම් පවා අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින් තිබුණු බවත් මෙහිදී අනාවරණය වුණා.
මේ පවතින දෝෂ සහ මූල්‍ය අක්‍රමිකතාවලට වැට බඳිමින්, විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව පොත් ටික බෙදාහරින්න දැන් නව තාක්ෂණික ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීලා.....
නව පරිගණක දත්ත පද්ධතියක් - 2024 වසරේ සිට සියලුම පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව, දැනට පවතින පෙළපොත් තොග සහ නැවත භාවිත කළ හැකි පොත් ගැන තොරතුරු කෙලින්ම ලබාගන්න අලුත්ම පද්ධතියක් හඳුන්වා දී ඇත.
AI සමඟ යාවත්කාලීන වන ඊ-තක්සලාව - ජනප්‍රිය 'ඊ-තක්සලාව' පද්ධතිය දැන් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සමඟ බලගැන්වෙන වැඩසටහන් ක්‍රියාත්මකයි.
ආරක්ෂිත ප්‍රවේශ සහ ජාලගත කිරීම - පොත් අලෙවිසල් සියල්ල ජාලගත කර, පරිශීලක නාම (Usernames) සහ මුරපද (Passwords) සහිත ආරක්ෂිත පද්ධති හරහා ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට ක්‍රමවේද සකසා ඇත.
කෝටි ගණන් මහජන මුදල් අවභාවිතා කළ අයට නීතිය ක්‍රියාත්මක වන අතරම, මේ හඳුන්වා දුන් නව තාක්ෂණික පියවරයන් නිසා ඉදිරියේදීවත් කිසිම දූෂණයකින් තොරව අපේ රටේ දරුවන්ට නියමිත වෙලාවට පෙළපොත් ටික ලැබේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්!