ජූනි මාසේ අස්වැසුම වැඩිහිටි දීමනාව හෙට (03) දවසේ ඔයාලගේ බැංකු ගිණුම්වලට බැර කරන්න සියලුම කටයුතු දැන් සූදානම් කරලා ඉවරයි කියලා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිල වශයෙන්ම නිවේදනය කරලා තියෙනවා.
ගෙදර ඉන්න අම්මා තාත්තට මේ ආරංචිය අදම කියන්න. හෙට වෙද්දී සල්ලි ටික ගිණුමට වැටෙන නිසා, මේ දවස්වල තියෙන අමාරුකම් මැද්දේ මේක ලොකු සහනයක් වෙයි.
මේ පාර අදියර දෙකක් යටතේ තමයි මේ දීමනාව ලබා දෙන්නේ. අවුරුදු 70ට වැඩි අපේ වැඩිහිටියන්ට මේ මුදල් ලැබෙන්නේ මෙන්න මේ විදිහටයි...
පළමු අදියර: අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,761ක් (හය ලක්ෂ විසි එක් දහස් හත්සිය හැට එක් දෙනෙක්) සඳහා රුපියල් කෝටි 310කට අධික මුදලක් (රු. 3,108,805,000.00) ගිණුම්වලට බැර වෙනවා.
දෙවන අදියර: අවුරුදු 70ට වැඩි තවත් වැඩිහිටියන් 76,139ක් සඳහා රුපියල් කෝටි 38කට අධික මුදලක් (රු. 380,695,000.00) ඔවුන්ගේ අස්වැසුම ගිණුම්වලට බැර කරන්න නියමිතයි.
ඉතින් මේ ලොකු මුදල හෙට වෙද්දී අස්වැසුම බැංකු ගිණුම්වලට වැටෙනවා කියන්නේ ගොඩක් පවුල්වලට ලොකු හුස්මක් ගන්න පුළුවන් වෙයි.
ඔයාගේ ගෙදරත් මේ දීමනාව ගන්න කෙනෙක් ඉන්නවා නම්, හෙට බැංකු පොත චෙක් කරලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම මේක දන්නේ නැති වෙන කෙනෙක් ඉන්නවා නම්, මේ පණිවිඩය එයාලටත් කියන්න. මේ අමාරු කාලේ කාටහරි ඒක ලොකු උදව්වක් වේවි!