ග්‍රහලොව පණ්ඩිතයා, බුද්ධිමතා යන අන්වර්ත නාමයන්ගෙන් හඳුන්වනු ලබන, වචනයටකාරක බුධ ග්‍රහයා තමාගේ සතුරු රාශියක් වන සඳුට අයත් කටක රාශියට පසුගිය 22 වැනිදා ප.ව. 3.30ට ගෝචර වුණා. එතැන් සිට දින 16 ක් සඳුගේ නිවහනේ බුධ රැඳී සිටිනවා. මේ මොහොත තුළ තත්කාල ලග්නය වශයෙන් තුලා ලග්නයත් මිථුන නවාංශකයන් උදාව පවතිනවා.
එහි දී 6 වැන්නේ ශනිද, අටවැන්නේ කුජ ද, නම වැන්නේ රවිද, දහවැන්නේ ගුරු - බුධද, එකොළොස් වැන්නේ සිකුරුද, පස්වැන්නේ කේතු ද, දොළොස් වැන්නේ රාහුද මෙසේ ගමන්ගෙන තිබුණා. එසේම ජුනි 03 සිට ජූලි 24 කාලයේ බුධ චක්‍ර චලිතය තුළ ගමන් කරනු ලබනවා. බුද්ධිය මෙහෙයවා කටයුතු කරන අයට, කතුවරුන්ට, මාධ්‍යවේදීන්ට, පාසල් සිසුන්ට අශුභතා ඇති කරනු ලබනවා.
බුධ ජල රාශියකට යෑම තුළ බොහෝ පළාත් වලට වර්ෂාපතනය ලැබෙනවා. එමෙන්ම තත්කාල කේන්ද්‍රයේ දුකට පීඩිතජනතාව නියෝජනය කරන ග්‍රහයෙක් වූ ශනි 22 වන දෙර්කානාධිපතිට අයත්ව ගමන් කිරීම කම්කරු පීඩිත ජනතාවට යහපත් නැහැ.
බඩු මිල ඉහළ යෑම්ද පෙන්නුම් කරනවා. කෘෂිකර්මය හා සෞඛ්‍ය අංශයේද ගැටලු ප්‍රබලව ඇති කරයි. සමහර අවස්ථාවලදී ගොවි උද්ඝෝෂණ ඇති වීමට ඉඩ තිබෙනවා. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ හය වැන්න තුළ බුධ ගෝචර වෙනවා. කූට, කපටි බුද්ධිය ක්‍රියාත්මක වන කාලයක්.
ජූලි 24 දක්වා කුඩා දරුවන් ඉතා ප්‍රවේශම්කර ගැනීම යහපත් වෙනවා. ප්‍රබල මාරක අනතුරක සේයාවක්ද ඉදිරි දින 3 ක් ඇතුළතදී සිදුවීමට ඉඩ පවතී. විදුලිය, ඉන්ධන වල මිල ඉහළ යෑම් පවා පෙන්නුම් කරනු ලබනවා. ඒ අනුව බුධගේ කටක රාශි ගත වීම ලග්න 12 ට බලපාන අයුරු කෙසේ දැයි බලමු.
මේෂ ලග්නය
මේෂ ලග්න ඔබගේ කේන්ද්‍රයේ 3 සහ 6 අධිපති වෙමින් හතර වැන්න තුළ බුධ ගෝචර වේ. භූමියෙන් වටිනා සම්පත් ලැබිය හැකි කාලයකි. තරමක් ආවේගශීලී ගති ඔබ තුළින් දැක ගත හැක. රැකියා ගැටලු පෙන්නුම් කරයි.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න ඔබගේ කේන්ද්‍රයේ 2 සහ 5 අධිපති වෙමින් තෙවෙනි භාවය තුළ බුධ ගෝචර වේ. ඔබගේ සහජ හැකියාවන් වැඩිවන කාලයකි. ඉක්මන් කම හේතුවෙන් පාඩු, අවාසි ඇති කරයි.
මිථුන ලග්නය
මිථුන ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් ධනස්ථානගතව බුධ ගෝචර වේ. ලැබීම් සහිතයි. ඔබ කෙළින් තීන්දු ගන්නා කාලයකි.
කටක ලග්නය
කටක ලග්න ඔබගේ කේන්ද්‍රයේ 3 සහ 12 අධිපති වෙමින් බුධ ලග්නගතව ගෝචර වේ. බුද්ධිමත් තීරණ ගන්නා කාලයකි. වැයපස අධික වේ. අධ්‍යාපනයේ නියැළී සිටි දරුවන්ට යහපත් ප්‍රතිඵල උදාකරනු ලබයි.
සිංහ ලග්නය
සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ 2 අධිපති වෙමින් 12 වැන්න තුළ බුධ ගෝචර වේ. ඔබට යම් යම් අසනීප තත්ත්ව හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට පවා සිදුවන කාලයකි. රැකියා ආශ්‍රිත ප්‍රශ්න පැන නැගීමට පුළුවන. ඔබගේ සහෝදරයෙක් අමනාප වීමක් හෝ දුරස්වීමක් පෙන්නුම් කරයි.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් අයස්ථාන ගතව බුධ ගෝචර වේ. ඔබට ධර්ම කර්මාධිපති යෝග බලයක් ද පවතී. ලැබීම් සහිතයි.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රයේ අට අධිපති වෙමින් නම වැන්න තුළ බුධ ගෝචර වේ. ආගමික කටයුතු වලට සම්බන්ධව කටයුතු කරන කාලයකි. ඉවසීම අඩු කරයි.
ධනු ලග්නය
ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ හත අධිපති වෙමින් අටවැන්න තුළ බුධ ගෝචර වේ. තමාගේ නමට, කීර්ති නාමයට හානි ඇති වන පුවත් අසන්නට ලැබිය හැකි බැවින්, ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
මකර ලග්නය
මකර ලග්න ඔබගේ කේන්ද්‍රයේ නමය අධිපති වෙමින් හත්වැන්න තුළ බුධ ගෝචර වේ. ඔබට මංගල සිහින සැබෑ වන කාලයකි. පෙරට වඩා ප්‍රියමනාප ආකර්ෂණීය බවක් පෙන්නුම් කරයි.
කුම්භ ලග්නය
කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රයේ අට අධිපති වෙමින් හය වැන්න තුළ බුධ ගෝචර වේ. විපරීත ප්‍රතිඵල උදා කරනු ලබයි. සතුරු කරදර ඇති වීමට පිළිවන. පපුව, පෙණහලු ආශ්‍රිත අසනීප ඇති කරයි.
මීන ලග්නය
මීන ලග්න ඔබගේ කේන්ද්‍රයේ හත අධිපති වෙමින් විද්‍යාස්ථානගතව බුධ ගෝචර වේ. අධ්‍යාපනයේ නියැළී සිටි දරුවන්ට ඉතා යහපත් වේ. ඔබ යන යන තැන ඔබට පැසසුම් හිමිවිය හැකි කාලයකි.
දිවයින පුවත්පතෙන්..