එහෙනම් ඉදිරි මාසය ගැන කියවෙන මේ කතාව ඔබට කොහොමත් වැදගත් වේවි. ජූලි මාසය ඔබට මොන වගේ වේවිද..? ලග්නයට අනුව ඒ ගැන දැනගන්න කැමති ඔබට මේ ඇසෙන්නේ විශේෂ කතාවක්.
මේෂ ලග්නය
ඔබගේ ග්‍රහ සම්පාත අනුව සැලකීමේදි ජුලි මාසය යහතක් ගෙනදෙන මාසයක් ලෙස පැවැසිය හැකිය.
ආර්ථිකය
රැකි රක්ෂා කටයුතු සම්බන්ධයෙන් හා ජිවිතයේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් යහපත් වකවානුවක් වනු ඇත. හේතුව බ්‍රහස්පති 9 ටැන්නාධිපති ලෙස 4 වැන්නේ උච්චව ගමන් කිරීමයි. එලෙසම ආර්ථික වශයෙන්ද කිසියම් ආකාරයක ප්‍රගතියක් හිමි වීමේ ප්‍රවණතාවයක් පවතී.
ගෘහ ජීවිතය
බ්‍රහස්පතිගේ ග්‍රහ ගමන අනුව ගෘහ ජීවිතයේ කිසියම් ආකාරයක සැනසිලිදායක බවක් සතුටක්, සන්තෝෂයක් හා සංයමයක් ඇතිව සහනදායී තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමේ අවකාශ පවතී.
සෞඛ්‍යය
බ්‍රහස්පතිගේ යහපත් ගමන හේතු කොට ගෙන සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව කිසියම් සුරක්ෂිත බවක් යහපත් මට්ටමේ ස්වභාවයක් ඇති කෙරේ. පවතින ලෙඩ රෝග බොහෝ දුරට සමනය වී තමන් කරනු ලබන බෙහෙත් හේත් වලින් නියම ප්‍රතිඵල ලබා ගැනීමට අවකාශයක් පවතී.
අධ්‍යාපනය
අධ්‍යාපනයේ නියුතු වන අයට තම අධ්‍යාපන කටයුතු සම්බන්ධව වැඩි සාර්ථකත්වයක් ඇති කරන අතර උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් ඇත. උසස් අධ්‍යාපනයේ යුතු වූවන්ට නිසැකවම සාර්ථකත්වයක් හිමිවේ.
වෘෂභ ලග්නය
ඔබගේ ග්‍රහගමන අනුව, මේ කාලසීමාවේ ඔබට සුඹ අසුබ මිශ්‍ර ප්‍රතිඵල අත්කර දෙන මාසයක් ලෙස දැක්විය හැකිය.
ආර්ථිකය
රැකියා කටයුතු සම්බන්ධව ප්‍රමාණවත් සාර්ථකත්වයක් යහපතක් ගෙන දෙනු ඇත. ධනය සම්බන්ධව සැලකීමේදී, ආර්ථිකමය වශයෙන් වියහියදම් පක්ෂය වැඩි වී යාමේ හැකියාවක් පවතී. එනිසා මුදල් හදල් පරිහරණයේදී ඔබ සැලකිලිමත් විය යුතුය.
ගෘහ ජීවිතය
දැඩි මුරණ්ඩු, හිතුවක්කාර තීරණ ගැනීමේ අවකාශයක් ඔබ කෙරෙන් දිස් වේ. එනිසා සංයමයෙන් ක්‍රියා කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත් නොවී කටයුතු කිරීමේ අවකාශ ඇති වේ. කල්පනාකාරීව කටයුතු කරමින් සමගියට. සමාදානයට මුල් තැන දිය යුතු වේ. විවාහයේ සතුට සමගිය සාර්ථකත්වයකින් යුක්තව පවතී.
සෞඛ්‍යය
සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ සැලකීමේදී මේ කාල සීමාවේ ඔබ ඉතාම පරෙස්සම් විය යුතුය. වැටීම්, තැලීම් අනතුරු පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය. එසේ නොමැති වුවහොත් ඔබ අනතුරුවලට, පීඩාවලට ලක්වීමේ ප්‍රවණතාවයක් පවතී.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සඳහා ජූලි මාසය ඔබට යහපත් මාසයක් වේ. උනන්දු වී කැපවී, මහන්සි වී කටයුතු කිරීමෙන් උත්සාහයෙන් කටයුතු කිරීම මඟින් අධ්‍යාපනයේ ප්‍රබෝධයක් තවෝදයක් ඇතිවේ ප්‍රමාණවත් සාර්ථකත්වයක් ලබාගත හැකියි.
මිථුන ලග්නය
ඔබට මේ ජූලි මාසය යහපත ගෙන දෙන මාසයක් බව පැවැසිය හැකිය.
ආර්ථිකය
රැකියා කටයුතු සම්බන්ධව යහපත, අභිවෘද්ධිය යන සාර්ථකත්වය ගෙන දෙනු ඇත. මුදල්මය වශයෙන්ද යහපත් වාතාවරණයක් උදාවනු ඇත. වෘත්තීමය ජයග්‍රහණ ලැබෙන මාසයක් ද වේ.
ගෘහ ජීවිතය
යුග දිවියේ කටයුතු සාර්ථක වී සන්සුන්ව, නිසංසලව ගෘහ ජීවිතයේ කටයුතු එක්තරා මට්ටමක සාර්ථකත්වයකින් යුතුව. සැනසිලි දායකව ගෙන යැමට අවකාශ හිමි වේ. දරුවන් නිසා සතුටක් සන්තෝෂයක් ඇති වේ.
සෞඛ්‍යය
සෞඛ්‍යය කෙරෙහි ද අයහපතක් ඇති නොවේ. බ්‍රහස්පති ග්‍රහ ගමන අනුව ඔබ දිවියේ පුරක්ෂිත බව ඇති වන බව පෙනේ. ශරීර සෞඛ්‍යය යහපත් වේ. ලෙඩ දුක් පීඩා පැවැතියේ නම් සියල්ල දුරිභූත වී සෞඛ්‍යය යහපත් වේ. දැඩි ආබාධ, ලෙඩ දුක් පීඩා ඇති නොවේ.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු යහපත්ව ඉටුකර ගැනීමේ අවකාශ ඔබට උදා වේ. වෘත්තිමය අධ්‍යාපන කටයුතු සඳහාද සුබදායක වේ. අධ්‍යාපන කුසලතා වලට යහපත් ප්‍රතිඵල හිමි වේ. අපේක්ෂා මල්පල ගැන්වෙන කාල සීමාවකි.
කටක ලග්නය
පවත්නා ග්‍රහ ගමන අනුව ජුලි මාසය ඔබගේ දෝෂ නිවාරණය කරන, භාගතය ඉස්මතු කරන මාසයක් බව පැවැසිය හැකිය.
ආර්ථිකය
රැකියා කටයුතු වල අභිවෘද්ධිය, ධනෝපායන මාර්ග සාර්ථකත්වය ලැබේ. ජීවිතයේ සන්තෘෂ්ඨිය හිමි වේ. භාග්‍යය ඉස්මතු කරන කාල සීමාවක් වේ. කාලයක් තිස්සේ පැවැති බාධා පීඩා මානසික ආකූල ව්‍යාකූලතා ඉවත් වේ. තම බලාපොරොත්තු අදහස් ඉටු වේ.
ගෘහ ජීවිතය
යුග දිවියේ කටයුතු සම්බන්ධව අසුබ නොවේ. එහෙත් යුග දිවියේ තෘප්තිය, සැපත, සතුට සම්බන්ධයෙන් සුළු සුළු අවහිරතා මතුවීමේ ඉඩකඩ පවතී. එනිසා යුග දිවියේ කරුණු කාරණා සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කිරීම යෝග්‍ය වේ.
සෞඛ්‍යය
සුබ අසුබ මිශ්‍ර වේ. උගුර බෙල්ල, මුත්‍රාශය සම්බන්ධ ආබාධ ඇති විය හැකිය. වකුගඩු මෙන්ම පිත්තාශය සම්බන්ධ ආබාධ කෙරෙහිද ඔබ විමසිලිමත් විය යුතුය. මේ රෝගාබාධ කිසියම් ආකාරයකට ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් ජලය පානය කිරීමට බොහෝ සෙයින් වග බලා ගත යුතුය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු වලට යහපත් මාසයක් වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ඔබව අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ උසස් ප්‍රතිඵල ලද හැකිවේ. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ඉහළ මට්ටමේ සාර්ථකත්වයක් ලද හැකිය.
සිංහ ලග්නය
මේ ජූලි මාසයේ ඔබට ප්‍රමාණවත් මට්ටමේ යහපතක් හිමිකර දෙන්නට සමත් මාසයක් වන බව පැවැසිය හැකිය.
ආර්ථිකය
එක්තරා මට්ටමක යහපතක් පැවැතිය හැකිය. ඔබට යෝගකාරක කුජ 9 වැන්නේ ගමන් කිරීම තුළින් සුබ අසුබ මිශ්‍රව තම වෘත්තිමය කටයුතු කරගෙන යාමේ හැකියාවක් පවතී. ආර්ථික වශයෙන් මිශ්‍රඵලදායක බවක් ඇති වන කාලවකවානුවක් බව පැවැසිය හැකිය.
ගෘහ ජීවිතය
යුග දිවියේ කටයුතු පිළිබඳ සැලකීමේදී සුබ අසුබ මිශ්‍ර බවක් පෙන්නුම් කරයි. එයට හේතුව රාහු හා කේතුගේ ග්‍රහ ගමන වේ. එනිසා හිතේ පීඩනයක්, අසහනයක් මතු විය හැකිය. හිසේ පවතින සහනශීලි බව අඩු විය හැකිය. එනිසා කල්පනාකාරීව මේ මාසයේ කටයුතු කළ යුතුය.
සෞඛ්‍යය තත්ත්වයද සුබ අසුබ මිශ්‍රව ගෙන යාමට ඔබට සිදු වේ. විශේෂයෙන්ම පීනස් අමාරු සෙම කෝපවීම්, හිසරදය, උදරගත පීඩා, අර්ශස් වැනි පීඩා ශරීරයෙහි ස්නායු පද්ධතිය ඇති කරන අබල දුබලතා ඇති විය හැකිය. එනිසා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු වේ.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු වල නියුතු වන්නන්ට මේ මාසය යහපත ගෙන දෙන මාසයක් වේ. ඔබගේ උසස් අධ්‍යාපන භාවාධිපතියා 9 වැන්නේ බලවත්ව ගමන් කිරීම සිදුවේ. සෑම ක්ෂේත්‍රයකම අධ්‍යාපනයේ නියුතු වූවන්ට යහපත් ප්‍රතිඵල ගෙන දෙන මාසයක් ලෙස ජුලි මාසය හැඳින්විය හැකිය. උසස් අධ්‍යාපන නියුතු වුවන්ට ද වඩාත් හොඳ කාල සීමාවක් වේ.
කන්‍යා ලග්නය
ඔබගේ ග්‍රහ සත අනුව සැළැකීමේදී යහපත ගෙන දෙන මාසයක් ලෙස මාසය හැඳින්විය හැකිය. ජීවිතයේ විවිධ පැති ආශ්‍රිතව යහපත ගෙන දෙන කාලයකි.
ආර්ථිකය
ආර්ථිකමය ප්‍රගතියක් ගෙන දෙන මාසයක් වේ. වෘත්තිමය කටයුතු යහපත්වන කාල පරාසයක් වේ. වෘත්තිමය හා ආර්ථිකමය කටයුතු වල ප්‍රගතියක් ගෙන දේ රැකියා අංශයේ සාර්ථකත්වයත්, අභිවෘද්ධියත් ඇති කරයි. ධනෝපායන මාර්ග බෙහවින් සක්‍රීයවන කාල සීමාවක් වේ.
ගෘහ ජීවිතය
අසුබ නොවේ. විවාහ ස්ථානාධිපති වන බ්‍රහස්පති අයස්ථානයේ බලවත්ව උච්චව ගමන් කරයි. එනිසා යුග දිවියේ කටයුතු සුබවාදී වේ. දරුවන්ගේ කටයුතුද සාර්ථක වන අතර ඔවුනට ද යහපත් ප්‍රතිඵල හිමි වේ.
සෞඛ්‍යය
සෞඛ්‍ය තත්ත්වයේ සුබ අසුබ මිශ්‍ර බවක් ගෙන දේ දැඩි පීඩාවන්ට ලක් නොවේ. එහෙත් උදරය හා මුත්‍රාශය ආශ්‍රිත යම් යම් පීඩා තත්ත්වයන්ට ඉඩ කඩ පවතී. එ නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වී කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
අධ්‍යාපනය
ප්‍රඥාකාරක බ්‍රහස්පතිගේ ගමන සහ අනෙකුත් ග්‍රහයන්ගේ සුබවාදි ගමන් මඟ හේතුවෙන් අධ්‍යාපන කටයුතු වල නවෝදයක් ප්‍රබෝධයක් සහ ප්‍රතිඵල ලැබීමේ හැකියාවක් පවති. උත්සාහයෙන් කටයුතු කිරීම මඟින් කටතවත් ඔබට අධ්‍යාපනමය ප්‍රතිඵල බෙහෙවින් සාර්ථක කරගත හැකි මාර්ග පැන නගී.
තුලා ලග්නය
ඔබගේ ග්‍රහ ගමන අනුව මේ ජුලි මාසය ඔබට යහපත උදාකරන මාසයක් වේ.
ආර්ථිකය
රැකි රක්ෂා කටයුතු වල යහපතක් ප්‍රබෝධයක් ගෙන දේ ආර්ථිකමය ප්‍රගතිය වෘත්තිමය යහපත ගෙන දෙන කටයුතු සිදුවේ. ඒවා සම්බන්ධව ප්‍රමාණවත් යහපත ගෙන දේ බලාපොරොත්තු අරමුණු අපේක්ෂා ඉටු වේ.
ගෘහ ජීවිතය
යුග සැපත සම්බන්ධව සැලකීමේදී ඔබගේ සහකරුට/සහකාරියට යම් යම් අපල ගෙන දීමේ හැකියාවක් පවතී. පීඩාකාරී ගති මතුවිය හැකිය. එ නිසා යුග දිවිය ක්‍රියාකාරකම්වලදී ඉවසිලිවන්තව, දුරදිග සිතා බලා කටයුතු කිරීමට වග බලා ගත යුතුය.
සෞඛ්‍යය
අනතුරු පීඩා වලින් බෙහෙවින්ම ඔබ පරෙස්සම් විය යුතු කාල සීමාවක් වේ. කුජ මෘත්‍යු ස්ථාන ගත වීම එයට හේතු වේ. වාහන භාවිතයේදී සැලකිලිමත් විය යුතුය. ඉවසිලිමත්ව. කල්පනාකාරීව, විමසිලිමත්ව කටයුතු කළ යුතුය.
අනතුරු ආබාධ පීඩා ඇතිවිය හැකිය. ශල්‍ය කර්ම වලට පවා භාජනය විය හැකිය.
අධ්‍යාපනය
ග්‍රහ ගමන අනුව අධ්‍යාපනයට කාරක වන ග්‍රහයන්ගේ ග්‍රහ ගමන යහපත් වන බව පෙනේ. එනිසා අධ්‍යාපන කටයුතු වල යහපතක් ප්‍රගතියක් ඇති කෙරේ.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමි ඔබට මේ ජූද්‍රි මාසය අයහපත් නොවේ. ග්‍රහ ගමන සුබදායක වේ.
ආර්ථිකය
රැකියා කටයුතු වලින් යහපත උදා වේ. ආර්ථික ප්‍රගතිය ඇති වේ. ඔබගේ පරමාර්ථයක් ඉෂ්ඨ සිද්ධ කරන, අපේක්ෂා මල්ඵල ගන්වන මාසයක් වේ. ධනෝපායන මාර්ග සාර්ථක වේ. දියුණුව යහපත ගෙන දේ.
ගෘහ ජීවිතය
සුබ අසුබ මිශ්‍රව ගෙනෙන කාලසීමාවක් වේ. බ්‍රහස්පති කේන්දරයේ 9 වැන්නේ උච්චව ගමන් කරයි. එහෙත් අඟහරු 7 වැන්නේ ගමන් කිරීම හේතුවක් යුග සැපතේ යම් යම් ගැටලු මතු විය හැකිය. එ නිසා කල්පනාකාරීව ඉවසිලිවන්තව තීන්දු තීරණ ගැනීමට ඔබ වගබලා ගත යුතු වේ. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය.
සෞඛ්‍යය
රාහු හතර වැන්නේ ගමන් කරයි. අනෙකුත් ග්‍රහ පිහිටීම් අනුව ඔබගේ දණහිස් ආශ්‍රිත පීඩා. පාදය සම්බන්ධ පීඩා මතු විය හැකිය. ශුදය ආශ්‍රිත පීඩා ද ඇතිවිය හැකිය. එනිසා මේ රෝග තත්ත්ව සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කළ යුතුය. කෑම බීම බෙහෙත් ඉතාම පරික්ෂාකාරීව ලබාගත යුතුය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සඳහා යහපත් කාල සීමාවක් වේ. උසස් අධ්‍යාපන භාවයේ බ්‍රහස්පති ගමන් කරයි. අධ්‍යාපන කටයුතු වලින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතී. සුවිශේෂ ආකාරයෙන් ජයග්‍රහණ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපරිම ලකුණු ලබා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමේ ජයග්‍රහණ, කුසලතා යහපත් ප්‍රතිඵල හිමි වේ.
ධනු ලග්නය
ඔබගේ ග්‍රහ ගමත අනුව බ්‍රහස්පති උච්චව ලග්නාධිපතියා ලෙස උච්ච ව කේන්දරයේ ගමන් කිරීම එක්තරා අන්දමක යහපතක් ඔබට උදා කරනු ලබයි.
ආර්ථිකය
රැකි රක්ෂා කටයුතු සම්බන්ධව යහපත්, හිතකර වාතාවරණයක් පවතී. ධනෝපායන මාර්ග සක්‍රිය වේ. කුජ භය වන්නේ ගමන් කරයි. විමල යෝගය යෙදී ඇත. අනාරක්ෂිත අන්දමින් රැකියා කටයුතු මුදල් හදල් හිමි වීමේ අවකාශ පවතී.
ගෘහ ජීවිතය
යුග දිවියේ කටයුතු යහපත්ව සාර්ථක අන්දමින් ගෙන යැමේ අවකාශ පවතී. තද බල පීඩාවන්, විවාහ දිවියේ අර්බුද ගැටලු මතු නොවේ. විවාහ ජීවිතය සමබරව පවත්වාගෙන යාමේ හැකියාව පවතී.
සෞඛ්‍යය
සෞඛ්‍යය සම්බන්ධව මිශ්‍ර පල දායක තත්ත්වයක් දක්නට ලැබේ. බ්‍රහස්පති 8 වැන්නේ ගමන් කිරීම. රාහු, කේතු වැනි ග්‍රහ ස්වභාවය ගැන සැලකීමේදී සෞඛ්‍ය තත්ත්වය මධ්‍යස්ථ ප්‍රතිඵලදායක ස්වභාවයක් ගනී. අක්මාව සම්බන්ධ පීඩා කොලෙස්ටරෝල් වැනි පීඩා ගෙන දිය හැකිය. ඒ සම්බන්ධව පරෙස්සම් වීම යෝග්‍යය.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කාරක බ්‍රහස්පති උච්චව ගමන් කරයි. එනිසා අධ්‍යාපන කටයුතු සාර්ථක වන කාල සීමාවක් වේ. ප්‍රතිඵල යහපත් වේ. අධ්‍යාපන කටයුතු හිතකරව කර ගැනීමේ හැකියාව පවතී.
මකර ලග්නය
මේ මාසය ඔබට අයහපත් යැයි පැවැසිය නොහැකිය. ල ලග්නාධිපති තුන්වැන්නේ ගමන් කිරීම සුබදායක වේ. එ නිසා ප්‍රමාණවත් යහපතක් ඔබට සැලැසේ.
ආර්ථිකය
වෘත්තිමය කටයුතු සාර්ථක වේ. ආර්ථිකමය ප්‍රගතිය ඇති වේ. රැකි රක්ෂාදියට බෙහෙවින්ම සාර්ථක ප්‍රගතියක් අත්වේ. ධනෝපාය මාර්ග සැලැසේ. ජයග්‍රහණය හිමි වේ. වෘත්තීමය රැකියා උසස් වීම් ඇති කෙරේ.
ගෘහ ජීවිතය
විද්වාහ ජිවිතයේ කටයුතු ඒ තරමට ප්‍රශස්තමට්ටමක පවතින බව පැවැසිය නොහැකිය. රාහු හා කේතුගේ ග්‍රහ ගමන එයට හේතුව වේ. විවාහ තෘප්තිය අඩු විය හැකිය. එනිසා යුග සැපතේද ආවේගශීලි නොවිය යුතුය. සමබර ආකාරයෙන් කටයුතු පවත්වා ගත යුතුය.
සෞඛ්‍යය
සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලැකීමේදි උසස් සෞඛ්‍ය තත්ත්වයක් ඇතැයි වර්ණනා කළ නොහැකිය. කුජ, රාහු, කේතු ගමන අනුව. දිය වැඩියාව සම්බන්ධ පීඩා, මුත්‍රාශය සම්බන්ධ පීඩා, ලේ ගමනාගමනය සම්බන්ධව පීඩා, රුධිර ගත පීඩා පිළිබඳ සැලකිලිමත් විය යුතුය. උදරගතව ඇති කරන පීඩා ගැන ද සැලකිලිමත් විය යුතුය. ක්ෂණික ලෙඩ රෝග සඳහා අවශ්‍ය බෙහෙත් නිතර ළඟ තබා ගැනීමට උත්සුක වන්න.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු වලට යහපත් කාල සීමාවක් වේ. උසස් අධ්‍යාපනය. අධ්‍යාපන කටයුතු හදාරන දුවා දරුවන්ට, වැඩිහිටියන්ට මේ මාසය සුබඵල අත්කර දෙනු ඇත. කුජගේ ග්‍රහ ගමන අනුව මනසේ සමබරතාවයට පීඩා එල්ල විය හැකිය. එනමුත්, බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් මේ තත්ත්වය මඟහරවා ගත හැකි වේ.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමි ඔබට ජූලි මාසය මධ්‍යස්ථ මධ්‍යස්ථ ප්‍රතිඵල ප්‍රතිඵල ගෙන දෙන මාසයක් බව පැවැසිය හැකිය.
ආර්ථිකය
රැකී රක්ෂා කටතු සම්බන්ධව එක්තරා අන්දමක බාධා පීඩාකාරී අභියෝගාත්මක ගති මතු විය හැකිය. එනමුත් විමසිලිමත්ව, ඉවසිලිවන්තව, ඥානවන්තව කටයුතු කිරීම මඟින් රැකියා සහ ආර්ථිකමය කටයුතුවල සුබ සිද්ධියක් යහපතක් ළඟා කර ගත හැකි වේ. මුදල් හදල් සම්බන්ධව හොඳ පාලනයක් තබා ගත යුතුය.
ගෘහ ජීවිතය
ගෘහ ජිවිතයේ කටයුතු එතරම්ම යහපත් ලෙස ඉටු වෙනවා යැයි වර්ණනා කළ නොහැකිය. ආවේගශීලි ගති මතුවිය හැකිය. දැඩි තීරණ ගැනීමේ අවකාශ ඇති විය හැකිය. එනිසා සමබරතාවයකින් යුතුව කටයුතු කරමින් සමබර මානසිකත්වයකින් යුතුව කටයුතු කිරීමෙන් යුග දිවියේ කටයුතු හොඳින් පවත්වා ගෙන යැමට අවකාශ හිමි වේ.
සෞඛ්‍යය
පීනස වැනි අමාරු මතුවිය හැකිය. බඩවැල් සම්බන්ධ, ගුදය ආශ්‍රිත පීඩා පිළිබඳ සැලැකිලිමත් විය යුතුය. ග්‍රහ ගමන අනුව සෞඛ්‍ය තත්ත්වය යම් පීඩා ඇතිවිය හැකි බැවිනි.
අධ්‍යාපනය
අධ්‍යාපනය කටයුතු මධ්‍යස්ථ ප්‍රතිඵල සහිතව කරගෙන යාමේ අවකාශ පවතී, නිසංසල මානසික තත්ත්වයකින් අධ්‍යාපන කටයුතු වල නිරත වීමේ අවකාශ අඩු වී යා හැකිය. එනිසා ඔබ මනස සමබරව පවත්වාගෙන යමින් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට උත්සාහ කළ යුතු වේ.
මීන ලග්නය
මේ ජූලි මාසය ඔබට යහපත් ප්‍රතිඵල අත්කර දෙන මාසයක් බව පැවැසිය හැකිය.
ආර්ථිකය
සුබ සිද්ධිය, අභිවෘද්ධිය සාර්ථකත්වය ඇති කරයි. රැකි රක්ෂා, තනතුරු තානාන්තර සම්බන්ධව හිතකර බවක් පවතී. ආර්ථිකමය වශයෙන් ඉහළට යාමේ හැකියාවක් වේ. එනිසා ඔබට ආර්ථිකයෙන්, ධනයෙන් සුබ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් පවතින බව කිව හැකිය.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතයේ කටයුතු සුබාසුබ මිශ්‍රව ගෙන යාමේ හැකියාව පවතී. ග්‍රහ ගමන අනුව යුග දිවියේ කටයුතු වලදී යම් යම් පීඩා, අධ්‍යාපන ගැටලු මතු විය හැකිය. ඒවා තදින්ම ඉහළ තත්ත්වයට පත් නොවේ.
සෞඛ්‍යය
සුබ අසුබ මිශ්‍ර බවක් පෙන්වයි. රක්තවාතරෝග, හමට සම්බන්ධ පීඩා, ශරීරයේ ස්නායු. නහර සම්බන්ධ පීඩා මතු විය හැකි බැවින් එවැනි රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වී සිටීම යෝග්‍ය වේ.
අධ්‍යාපනය
අධ්‍යාපනයේ කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමේ අවකාශ පවතී. අධ්‍යාපන කුසලතා. ජයග්‍රහණ, විභාග ප්‍රතිඵල ඉහළින්ම අත්වේ. සම්මුඛ පරීක්ෂණ ජය හිමිවේ. නිබන්ධන ආදියෙන් ප්‍රතිපල වඩාත් යහපත් වේ.
සුබසෙත පුවත්පතෙන්..