මේ වෙනකොට වෙනිසියුලාවම සුන්බුන් ගොඩක් බවට පත්වෙලා තියෙනවා වගේම මියගිය පිරිසගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් (Delcy Rodriguez) නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ මේ වන විට මියගිය සංඛ්‍යාව 589 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
නවතම නිල වාර්තාවලට අනුව මේ දරුණු භූමිකම්පාව නිසා තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 2,980 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මීට පෙර එරට රජය විසින් නිකුත් කරපු නිල නිවේදනයේ දැක්වුණේ මියගිය සංඛ්‍යාව 235 ක් සහ තුවාල ලැබූවන් සංඛ්‍යාව 4,300 ක් ලෙසයි. නමුත් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන නිසා මේ සංඛ්‍යාලේඛන ඕනෑම මොහොතක තවදුරටත් වෙනස් විය හැකි බවයි බලධාරීන් පවසන්නේ. ඒ කියන්නේ මරණ සංඛ්‍යාව මීට වඩා තවත් වැඩිවෙන්න පුළුවන්...
"සුන්බුන් අතර සිරවී සිටින අවසන් පුද්ගලයා හෝ බේරාගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් මේ වන විට වෙහෙස නොබලා කටයුතු කරමින් සිටිනවා..."කියලා වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් ප්‍රකාශ කරනවා.
කොහොම වුණත් මේ වෙනකොටත් වෙනිසියුලාව පුරා ඉතාමත් ඛේදජනක තත්ත්වයක් හටගෙන තියෙනවා වගේම ජාත්‍යන්තරයේ පවා අවධානය මේ වෙත යොමුවෙලා තියෙනවා.