ඒ අනුව, එක්සත් රාජධානියේ (UK) පැවැත්වෙන සුප්‍රසිද්ධ 'සිල්වර්ස්ටෝන් මෝටර් රථ ධාවන තරඟය' (Silverstone Motor Race) නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රකට නළු 'විජේ' (Thalapathy Vijay) විශේෂ ආරාධිතයෙකු ලෙස රාජකීය ගෞරව සහිතව සහභාගී වී තිබෙනවා.
මෙම තරඟාවලියේ සැබෑම ආන්දෝලනාත්මක විශේෂත්වය වන්නේ දෙමළ සිනමාවේ තවත් දැවැන්තයකු මෙන්ම අතිදක්ෂ මෝටර් රථ ධාවන ශූරයකු වන ප්‍රවීණ නළු අජිත් කුමාර් (Ajith Kumar) මෙවර මෙම අන්තර්ජාතික මෝටර් රථ තරග බිමට කෙළින්ම පිවිසීමයි...
සිනමා පටලවල මෙතෙක් කල් ප්‍රතිවාදීන් ලෙස හැඳින්වුණු මෙම සුපිරි තරු දෙක මෙලෙස ජාත්‍යන්තර මෝටර් රථ රේස් පිටියකදී එකට එකතු වීමත් සමඟ ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත දෙමළ සිනමා රසිකයන් සහ රේස් ලෝලීන් දැඩි උද්යෝගයට පත්ව සිටිනවා.
දේශපාලන වෙනස්කම් සමඟින් ප්‍රධාන අමාත්‍ය විජේගේ මෙම විදේශ සංචාරය සහ නිල රාජකාරී පිළිගැනීම පිළිබඳව ඉන්දියාව පුරා මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළද මේ වන විට දැවැන්ත කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.