අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සහ තවත් කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදු කරමින් මෙම ප්රහාරය එල්ල වී තිබුණා.
ප්රහාරයට පෙර අදාළ ජෝර්දාන හමුදා කඳවුරේ අධි-තාක්ෂණික චන්ද්රිකා ඡායාරූප ඉරානය විසින් ලබාගෙන තිබූ අතර, විමර්ශකයින්ගේ ප්රධාන අවධානය ඊට යොමුවී තිබෙනවා.
එමගින්, අදාළ කඳවුරේ රැඳී සිටි ඇමෙරිකානු හමුදා නිලධාරීන්ගේ සහ හමුදා මෙවලම්වල පිහිටීම මෙන්ම කඳවුරේ සැකැස්ම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ටෙහෙරානය වෙත ලැබෙන්නට ඇතැයි සැක පළ කෙරෙනවා.
එසේම ප්රහාරයෙන් පසුව ද ලබාගත් බව කියන ඡායාරූප සම්බන්ධයෙන් දැඩි ලෙස ප්රශ්න මතු වී තිබූ අතර, එමගින් ප්රහාරයෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට ඉරාන බලධාරීන්ට හැකියාව ලැබෙන්නට ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළා.
ප්රහාරය එල්ල වී පැය කිහිපයක් ඇතුළත අල්-සාල්ටි ගුවන් හමුදා කඳවුරේ වීඩියෝ දර්ශන කරළියට පැමිණීමත් සමඟ, ඉලක්කගත ස්ථානයෙන් මෙතරම් ඉක්මනින් තොරතුරු ලබා ගැනීමට ඉරානය සමත් වූයේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන පරීක්ෂණ දැනටමත් දැඩි කර තිබෙනවා.