භූමි වික්‍රමසිංහ යනු මෙරට ඡායාරූපකරණ ක්ෂේත්‍රය තුළ වෙනස්ම සලකුණක් තැබූ නිර්මාණශිල්පියෙක්. සාමාන්‍ය රාමුවෙන් ඔබ්බට ගොස්, කැමරා කාචයෙන් ඔහු දුටු වෙනස්ම හැඩතල සහ නිර්මාණශීලී බව නිසාම ලංකාවේ විශාල පිරිසක් ඔහුගේ ඡායාරූපවලට දැඩි සේ ආදරය කළා. ඔහුගේ මේ හදිසි නිහඬ සමුගැනීම සමස්ත ක්ෂේත්‍රයටම කිසිදා පිරවිය නොහැකි විශාල අඩුවක් බව බොහෝ දෙනාගේ අදහසයි.
ඔහුගේ වියෝවත් සමඟ කලා තරු මෙන්ම ඔහුගේ සමීපතමයින් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය කඳුළු පිරි ශෝකය ප්‍රකාශ කරමින් සිටිනවා. ඒ අතරින් ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය තබා තිබූ සංවේදී සටහන කාගේත් නෙතට කඳුළක් එක් කිරීමට සමත් වුණා.
තම සොහොයුරෙකු හා සමාන වූ භූමිට, උදාරි සිය ආදරය පුද කරමින් සමුදුන්නේ මෙලෙසින්,
"නිවන් සුව ලැබේවා මගෙ මල්ලිට..! හැමදාම මගේ සෝඳුරැ මතකයක් වෙලා ඉඳීවි. ආදරෙයි ගොඩාරියක්. මේ සසරේ කොතනකදි හරි නැවත හමුවෙමු"
ජීවිතයේ ඉතා කෙටි කලක් තුළ බොහෝ දෙනෙකුගේ හිත් දිනාගත් ආදරණීය රූපවාදකයෙකු වූ භූමි වික්‍රමසිංහයන්ට, ඒ සොඳුරු මතකයන් පමණක් අප අතර ඉතිරි කරමින් මෙලෙස සමුගන්නට සිදුවීම කාටත් දරාගත නොහැකි වේදනාවක් වී තිබෙනවා.