ඉතින් මේ පාරත් ලක්ෂ ගාණක් සෙනඟ පොසොන් වන්දනාවේ අනුරාධපුරේට එනවා නිසැකයි. මේ වෙනුවෙන් කෙරෙන ලොකු ලෑස්තියක් නිසා අනුරාධපුරේ පාසල් දරුවන් පිරිසකට නම් හදිසි නිවාඩුවක් ලැබිලා තියෙනවා. හැබැයි මේක හැමෝටම නෙවෙයි, තෝරාගත්තු පාසල් 12 කට විතරයි!
පොසොන් සතියට අනුරාධපුරේට එන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ වගේම ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලංකාවේ නන්දෙසින් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් අනුරාධපුරයට කැඳවලා තියෙනවා. ඉතින් මේ අයට තාවකාලිකව නවාතැන් ගන්න තමයි මේ විදියට පාසල් 12 ක් අනිද්දා (26) ඉඳන් ජූලි 02 වෙනිදා වෙනකම් වහලා දාන්න උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මේ වෙද්දිත් ලිඛිතවම අවසර ලබා දීලලු තියෙන්නේ.
මේ සතිය පුරාම වසා තැබෙන්නේ පහත සඳහන් පාසල් ටිකයි..
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකාව, විවේකානන්ද විද්‍යාලය, වලිසිංහ හරිශ්චන්ද්‍ර, මහා බෝධි, දේවානම්පියතිස්ස, නිවන්තක චේතිය සහ තන්තිරිමලය විමල ඤාණ විද්‍යාලය.
මිහින්තලේ මහා විදුහල, කම්මලක්කුලම විද්‍යාලය සහ මිහින්තලය කනිෂ්ඨ විද්‍යාලය.
පොසොන් සතිය කිව්වම ඉතින් වෙන දේවල් හොයන් අනුරාධපුරේ යන අයට නම් චාන්ස් එකක් නෑ. අනුරාධපුර, තන්තිරිමලය සහ මිහින්තලය කියන පූජා භූමි ආශ්‍රිතව තියෙන සියලුම සුරාසල් (Bars) සතියක කාලයක් වහලා දාන්න බලධාරීන් තීරණය කරලා.
ඒ විතරක් නෙවෙයි, මේ උත්සව සමය තුළ දිස්ත්‍රික්කය පුරාම තියෙන මස්කඩ සහ මාළු කඩ ඔක්කොම වහලා දාන්නත් පොසොන් කමිටුව දැඩි තීරණයක් අරගෙන තියෙනවා.
ඉතින් පොසොන් වන්දනාවේ අනුරාධපුරේ යන්න ඉන්න අයට මේක ගොඩක් වැදගත් ආරංචියක් වේවි. පොසොන් යන්න ඉන්න ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ අලුත්ම අප්ඩේට් එක ශෙයාර් කරන්න අමතක කරන්න එපා!