ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි ඇය අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස සේවය කළ බව කියන තරුණියගේ මළ සිරුර ඊයේ සොයාගත්තේ තෙල්දෙණිය ප්‍රදේශය ආසන්නයේදීයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෙම ස්ථානයට ගෙනැවිත් දමා තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමද ලබාදී ඇති බවයි.
ඔහු මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන අතර ඔවුන්, දෙදෙනා මීට මාස 8කට පමණ ඉහතදී මෙම තරුණිය සමඟ ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ..
අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත්, සිදුකරනු ලබන වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ තරුණියගේ දේහය රැගෙන යාමට භාවිත කළ මෝටර් රථය, අදාල සැකකරුගේ අම්පාර ප්‍රදේශයේ පදිංචි තවත් පෙම්වතියකට අයත් එකක් බවයි..