තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතා මේ සියලු ජවනිකා රඟදක්වා ඇත්තේ ඔහුගේ පෙනුම වෙනස් කරගෙන බව නිකමටවත් ඔබ විශ්වාස කළාද..? ඒ ගැන මේ ඇසෙන්නේ ආන්දෝලනාත්මක කතාවක්.
තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතා වෙස් මාරු කර තරුණියන් රැවටූ අයෙකු වන බවත්, තට්ට හිසක් සහිත ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටා ඇති බවත් මේ වෙනකොට සිදුකළ විමර්ශනවලදී පැහැදිලි වී තිබෙනවා. එසේම මේ සැකකාර පෙම්වතා මින් පෙර විවාහ වී සිටි අයෙකු බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සදහන් කළේ, ඔහු 38 හැවිරිදි ගන්නොරුව, මහනොරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මුලින් තොරතුරු අනාවරණය වුවද ඔහුගේ සැබෑ පදිංචිය කුරුණෑගල නාරම්මල ප්‍රදේශය වන බවයි. එසේම මොහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු බවට වාර්තා පළවුවද එය අසත්‍යක් බවයි විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල පැමිණිලි මෙන්ම අධිකරණවල නඩු ද පවතිනවා.
තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවයි අනවරණය වී ඇත්තේ.
පෙරේදා පස්වරුවේ මෙම භෞත චිකිත්සකවරියගේ මළ සිරුර අදාල මෝටර් රථයක තිබී හමු වූ අතර එය සැකකරු සම්බන්ධතා පැවැත්වූ වූ කාන්තාවකට අයත් බවටයි හෙළි වී ඇත්තේ. ඇගෙන් ද පොලීසිය මේ වන විට ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක මියගිය තරුණිය සහ සැකකරු පසුගිය 3 වනදා සිට 16 වනදා දක්වා රැදී සිට ඇති අතර භෞත චිකිත්සකවරිය ඝාතනය කර මෙලස මෝටර් රථයේ දමා සැකකරු විසින් තෙල්දෙණිය රෝහලේ රථගාල අසලට රැගෙන විත් පලා ගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
එමෙන්ම අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙන බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.