ප්‍රවීණ සිනමාකරු භාරතීරාජා අභාවප්‍රාප්ත වෙයිදෙමළ සිනමාවේ අතිශය ප්‍රකට මෙන්ම සුවිශේෂී සලකුණක් තැබූ සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ රංගන ශිල්පියෙකු වන භාරතීරාජා (Bharathiraja) වයස්ගත වීමත් සමඟ ඇති වූ සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් බදාදා දින අභාවප්‍රාප්ත වී තිබුණා.
මියයන විට ඒ මහතා 84 වන වියෙහි පසුවුණා. චෙන්නායි හි පිහිටි ඒ ඔහුගේ පෞද්ගලික නිවසේදී ඔහු අවසන් හුස්ම හෙළා ඇති බව වාර්තා වෙනවා.
දශක කිහිපයකට වඩා දිවෙන සිය සිනමා ජීවිතය තුළ දෙමළ සිනමා ඉතිහාසයේ වඩාත්ම බලපෑම් සහගත අධ්‍යක්ෂවරයෙකු ලෙස සැලකෙන භාරතීරාජා, සිනමාවේ සන්ධිස්ථාන බඳු විශිෂ්ඨ නිර්මාණ රැසක් දායක කර තිබෙනවා.
ඒ අතරට Vayathinile (1977) Kizhakke Pogum Rail (1978)Sigappu Rojakkal (1978) Nizhalgal (1980)Alaigal Oivathillai (1981)Tik Tik Tik (1981)Oru Kaidhiyin Diary (1985)Mudhal Mariyathai (1985)Kizhakku Cheemayile (1993) යන චිත්‍රපටවලට ඔහු දායක වී තිබෙනවා.
සිය දීප්තිමත් සිනමා දිවිය තුළ ඔහු රජිනිකාන්ත්, කමල් හසන් සහ සිවාජි ගනේෂන් වැනි දෙමළ සිනමාවේ දැවැන්තම තරු සමඟ සමීපව කටයුතු කළා.
ඔහුගේ අවසන් සිනමා අධ්‍යක්ෂණය වූයේ 2020 වසරේ තිරගත වූ "Meendum Oru Mariyathai" චිත්‍රපටයයි. පසුගිය වසරවලදී ඔහු දක්ෂ රංගන ශිල්පියෙකු ලෙසද සක්‍රීයව දායක වූ අතර, Aayutha Ezhuthu, Pandianadu, Eeswaran, Thiruchitrambalam සහ Maharaja වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනයන් කැපී පෙනුණා.
ඔහු අවසන් වරට රංගනයෙන් දායක වූයේ ප්‍රවීණ නළු මෝහන්ලාල් සහ ශෝබනා රංගනයෙන් දායක වූ, තරුන් මූර්ති අධ්‍යක්ෂණය කළ "Thudarum" (2025) චිත්‍රපටයෙනි.