මාතලේ පොලිස් අධිකාරී කාර්යාලය ආසන්නයේදී මෙම අවාසනාවන්ත අනතුර සිදුවී තිබුණි. මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක්, ගෑස් සිලින්ඩර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දැවැන්ත ප්‍රයිම් මුවර් (Prime Mover) රථයක ගැටෙන්නේ කාගේත් දෑස් අදහාගත නොහැකි අයුරිනි.
දැවැන්ත රථයට යටවූ යතුරුපැදිකරු, බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම අවසන් හුස්ම හෙළුවේ තමා සමඟ යතුරුපැදියේ පිටුපසින් ගමන් කළ 4 හැවිරිදි මුණුපුරා මෙලොව තනි කරමිනි.
සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක මෙම බිහිසුණු අනතුර සටහන්ව තිබුණේ බලන්නන්ගේ දෑස්වලට කඳුළු උනන අයුරිනි. තත්පර ගණනකදී සිදුවූ ඒ මහා විනාශය දෙස බලා සිටීම පවා අතිශය දුෂ්කරය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා සිද්ධිය වූ ස්ථානයේ සිටි පිරිස් සහ පොලීසිය එක්ව වහාම ක්‍රියාත්මක වී මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. තමන්ගේ ආදරණීය සියා ඇස් පනාපිටම මෙලොව හැරගිය වග හෝ නොදන්නා මේ අහිංසක පුංචි දරුවා මේ වන විට රෝහල් ඇඳක් මත වේදනාවෙන් පසුවෙයි.
මඟ තොටේ යන එන අපේ නොසැලකිලිමත්කම හෝ මොහොතක ප්‍රමාදය, තවත් කෙනෙකුගේ මුළු ජීවිතයක්ම, පවුලක්ම අනාථ කර දැමීමට හේතු විය හැකි බවට මාතලේ නගර මධ්‍යයෙන් ආ මේ ලේ කඳුළු සාක්ෂි දරයි.
මියගිය පියාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන අතර, මාතලේ පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් ප්‍රයිම් මුවර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.