විභාග දෙපාර්තමේන්තුවේ උසස් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මීට පෙර සැලසුම් කර තිබුණේ ජුනි මස 15 වැනිදා (හෙට) වන විට ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැරීමට වුවත්, පවතින තත්ත්වය මත එය තවත් දින කිහිපයකින් පස්සට යන බවයි.
කෙසේ වෙතත්, ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන ලක්ෂ සංඛ්‍යාත සිසු සිසුවියන්ට සහ දෙමාපියන්ට විභාග දෙපාර්තමේන්තුව සුබ ආරංචියක්ද පවසනවා. ඒ, මේ වන විටත් ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ සියලුම කටයුතු අවසන් අදියරට (Final Stage) පැමිණ ඇති බවයි.
ඒ අනුව, ඉදිරි සති දෙකක කාලය ඇතුළත කෙසේ හෝ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට සියලුම කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.