පසුගිය දින කිහිපය පුරාම මුහුණු පොත හරහා මනේජ් ගැන අමුතුම විදියේ කතාවක් ඉතාමත් වේගයෙන් පැතිරෙන්න ගත්තා.
ඒ වෙන කිසිවක් නෙවෙයි, "මනේජ් සංජය සංසාරේ කලකිරිලා මහණ වෙලා" කියන ප්‍රවෘත්තියයි. මේ කතාවත් එක්ක කලබල වුණු රසිකයින් වගේම හිතවතුන් දිගින් දිගටම ඔහුට ඇමතුම් ලබා දෙන්නට පටන් ගෙන තිබෙනවා.
ඉතින් මේ හැමෝටම ඇත්තම විස්තරය කියන්න සහ තමන් ගැන පැතිරෙන අසත්‍ය පුවතට තිත තියන්න මනේජ් සංජය තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමට විශේෂ වීඩියෝවක් එකතු කරන්න පියවර ගෙන තිබුණා.
තමන් සාමාන්‍යයෙන් මෙවැනි "නෙගටිව්" දේවල් වලට උත්තර දෙන්න අකමැති වුණත්, එන ඇමතුම් සහ මැසේජ් ප්‍රමාණය දරාගත නොහැකි නිසා මේ වීඩියෝව කරන බව මනේජ් පවසනවා. එහිදී ඔහු දැක්වූ අදහස් මෙන්න.
"මට දිගටම ඔයාලගෙන් කෝල් එනවා 'මනේජ් අයියා මහණ වෙලාද' කියලා. මම මේ වීඩියෝ එක දැම්මෙත් ගොඩක් කල්පනා කරලා. කෝල්ස් ගොඩයි, වට්ස්ඇප් එක පිරෙන්න මැසේජ් තියෙනවා. කවුරු හරි පේජ් එකක ෆේක් නිවුස් එකක් දාලා තියෙනවා. සමහර විට රිච් බලාගෙන වෙන්න ඇති, එහෙමත් නැත්තම් කියක් හරි හොයාගන්න වෙන්න ඇති. ඒකට මගේ කිසිම තරහක් නෑ..."
"හැබැයි කෙනෙකුගේ ඇත්තම ගරුත්වයට හානි නොවෙන්න දේවල් කරන්න. කෙනෙකුට හානියක් නොකර ඔය වගේ දේවල් (විව්ස් ගන්න) කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. මම මහණ වුණොත් සසුනත් ඉවර වෙනවා... (සිනාසෙමින්). මම එහෙම දෙයක් හිතලවත් නෑ. පේනවනේ මං ඉන්න විදිය, හොඳට ඉන්නවා. ජය වේවා... හැමෝටම ආදරෙයි!"
ව්‍යංගයෙන් සහ හාස්‍යයෙන් යුතුව තමන් හොඳින් සිටින බවත්, පැතිර යන්නේ අසත්‍ය කටකතාවක් පමණක් බවත් මනේජ් සංජය මේ වීඩියෝවෙන් තහවුරු කර සිටිනවා.