ගුරුවරයෙක් වෙන්න තියන ඒ සිහිනය සැබෑවක් කරගන්න මෙන්න ඔබටත් විශේෂ අවස්ථාවක්. බලන්නකෝ මේ කියන්න යන්නේ මොකක් ගැනද කියලා.
රජයේ පාසල් පද්ධතිය තුළ පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් මේ වසර අවසානයේ දී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා..
ගුරු බඳවා ගැනීම් සම්බන්ධ නඩු තීන්දුවට අනුව ගුරුවරුන් 23,000ක ප්‍රමාණයක් බඳවා ගැනීමට අනුමැතිය හිමි වී ඇතැයි ද
අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළා..
ඇය ප්‍රකාශ කළේ මෙම බඳවා ගැනීම් හේතුවෙන් 2027 වසර වන විට ගුරු පුරප්පාඩු ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගත හැකි බවයි.
ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහන සඳහා පැමිණ සිටි බස්නාහිර පළාතේ ජාතික පාසල්වල විදුහල්පතිවරුන් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පසුගියදා පැවසුවා.
දිනමිණ පුවත්පත ඇසුරෙන්..