"අම්මා" කියන උදාර නාමයට පණ දුන් සෑම ගැහැනියක්ම මේ ලෝකයට දායාද කරන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ආදරයක්.
ඇයත් මුළු රටක් හඳුනන, ප්‍රේක්ෂකයින් වැළඳගත් ආදරණීය රංගන ශිල්පිනියක් වගේම සෙනෙහෙවන්ත මවක්. ඇය වෙන කවුරුත් නොවෙයි, රංගන ශිල්පිනී තිසුරි යුවනිකා
මව් පදවිය ලබන්නට පෙර, සිය පුංචි සුරංගනාවිය කුස තුළ ඉන්න කාලයේ ගත් ඉතාමත් සුන්දර පින්තූර පෙළක් තිසුරි පසුගියදා සිය මුහුණුපොතට එක් කර තිබුණා.
ඇසට මෙන්ම හදවතටද දැනෙන ඒ ආදරණීය ඡායාරූප පෙළ සමඟින් ඇය තබා තිබූ සටහන කාගේත් අවධානය දිනාගත්තා.
ඇය තැබූ ආදරණීය සටහන මෙන්න.
"මේ පුංචි කුස තුළ, මගේ මුළු ලෝකයම නිදන්ව තිබුණා…අද ඒ ලෝකය, මගේ තුරුලේ සිනාසෙනවා. මගේ චූටි මොආනා...ආදරණීය මතකයන්"
තමන්ගේ පුංචි පැටියා මෙලොවට බිහිවන්නට පෙරුම් පිරූ ඒ සුන්දර අතීතය සිහිපත් කරමින් තිසුරි තැබූ මේ සටහනට සහ ඇගේ සුන්දර පින්තූරවලට රසිකයින් රැසක් සිය ආදරණීය ප්‍රතිචාර සහ සුබපැතුම් එක් කරමින් සිටිනවා.